බලා සිටියෙමි දෙසුම්හල ළඟ
පෙර පුරුද්දට නැවතිලා
නුඹේ සඳ වත දකිනතුරු සිත
කොද විලක්සේ පිබිදිලා
ඉසුරු ගම් බිම් නොමැති වූයෙන්
දෑත් ගිළිහී වෙන්වෙලා
උයන් තෙර වාසය නිමාවිය
කටු අකුල් මැඳ දැවටිලා
පිපුණු මල් පරවී ගිහිල්ලා
ළතණ සයනේ වැතිරිලා
පුරුදු සුවඳක් හමා ඇවිදින්
මතකයට එබිකම් කළා
දහක් දුක් ගිනි නිවා සැනහූ
කෙළි කවටකම් වියැකිලා
සැඳෑ සමයේ මා වගේමයි
කලාගාරෙත් තනිවෙලා
මල්ලිකා එම් බණ්ඩාර
22. 05. 2023

No comments:
Post a Comment