Monday, 19 June 2023

පුනර්ජීවණය

 



අහිමිවූ දේ නිසා ඉකිබින්ඳ හැමදාම​ 

නැතිවුණේ එකක් හෝ දෙකන් නොව හැම දේම 

ගිහින් ගම රට ඇවිද දැක පුරුදු හුරුදේම​

ඇවිත් මාසෙට වැඩියි මම තවත් එහි තාම​

 

අප්‍රකාශිත එහෙත් දරන්නට බැරි බරක්

අරන් ආවා හිතේ සඟවාන මහමෙරක්

වැහිවළා දෙබෑ කර නැඟෙන තුරු ​ නව ඉරක්

සයුර මැද පොරබදමි දකින්නට ​ පරතෙරක්

 

මතකයේ හේඩෑව වැතිරිලා බිම්බරක්

ඇවිත් මා පසු පසින් සුසුම් වැළපුම් තෙරක්

පින්තාරු කරන ලද හිත් ලෙනේ මහ දුරක්

සුසානය කරා යන මළගමක පෙරැහැරක්

 

ඇසූ මුත් තොටු පොළෙන් පිටත්වී ගිය බවක්

නොරඳාම සනිටුහන් කරන එකකුදු රළක්

නෞකාව මඟ හැරී බොහෝදුර ආ බවක්

දැනී මියැදෙන හිතට දිය යුතුය නව පණක්!

 

මල්ලිකා එම් බණ්ඩාර

21. 07. 2017

No comments:

Post a Comment