ඉවුරු බිඳගෙන මුවවිටෙන් පැන
ගලා යන නදියක් වගේ
දුලා නෙතුපුල් කඳුළු දියවර
දරාගෙන යන්නට නොදී
බලා හිටියේ මැකී යන තුරු
නුඹේ රුව මහ මඟ දිගේ
සදාකාලික පෙම්වතුන් සේ
හිඳිමු අපි වෙන්වී වගේ
ළපැටි හිරු රැස් පෙඟෙන තරමට
තුසර පොද ගිළිහෙන උදේ
හිතත් සැලුනා සැහැසි සුළඟට
වරාමල් පොකුරක් වගේ
නිවී ගියසඳ ගිතෙල් පහනේ
සිළුව ලෙණ ගණඳුර බිඳී
හුදකලා වූ අසපුවේ ඉම
දෙවිඳු පමණක් වැඩහිඳී
සැඳෑ සමයේ තුවරලා දුම්
සුවඳ අතරින් වෙර සිඳී
සිහින් සරකින් යාතිකාවක්
මිමිණුනා සුළඟේ රැඳී
මල්ලිකා එම් බණ්ඩාර
24.1.2025
Invitation to the MAGPIE LOUNGE
ReplyDelete