ඇසළ සඳ
පත දිය වෙලා
නිසල දිය මත
තැවරිලා
සසල මා හිත
මුල හිඳින ඔබ
නොයනු ඇයි
පියමං වෙලා
විසුල අසෙනිය
මල් තලා
මගෙ සිහින ලොව
අතුරලා
අසුරු
සැනෙකින් හමුවෙලා
නොකී රහසක්
හිඳියි ගොලුවී
ඔබෙ දෙනෙත්
මුල තනිවෙලා
අතීතය මිහිදන්
කළෙමු අපි
කෙලෙස නම්
ජීවය පිඹින්නද
වණ කැළල්
යළි කොනහලා
විරහ රහ සිත
තවරලා
කුමට ආවෙද
හනික යන්නට
මගෙ
ලොවම යළි
හඬවලා
No comments:
Post a Comment