Thursday, 7 July 2016

උපන් දින තෑග්ග​


පිච්ච මල් වට්ටියක් වැනි හිනා දම් ගොතා
මගෙ උපන් දිනය වෙනුවෙන් ඇවිත් සුබපතා
දුවගෙ රුව​ ස්කයිප් මුණත වඩීයයි සිතා
වරුවක්ම බලා හිටියා  යොමා  යුග නෙතා  

මගේ හිතේ කර වටක් පිරුණ සිතිවිලි රෑන
දෙබෑ කර පිපෙන්නට සදිසි පුර හඳ පාන
පුතේ ඉසිඹුවක් ඇත්නම් සැබෑ කර හීන​
පමා මුත් කමක් නෑ දකින්නට නුඹෙ මූණ​

නුඹෙ සොඳුරු කැදැල්ලේ මියුරු ගී තනු දැලේ
ස්වර නිනද ඇහෙනවා වැදී දෙසවන් තලේ 
වත නෙළුම සිපගන්න නෙතු බමර කැළ​ ලොලේ
මඟ බලා හිඳියි සෙනෙහස දරා හද විලේ

සාමයේ දූතිකා නුඹ පුංචි සමනළී
මගේ බඩ පිස්සීය ලොල වඩන මනකලී
නැතුවාට කමක් නෑ පුද පඬුරු සැණකෙළී
වචනයක් වුණත් ඇති සිතට දෙන සැනසිලී

මල්ලිකා බණ්ඩාර​
07.07.2016




No comments:

Post a Comment