පොල්වතු
රබර්වතු ගෙවතු පීරා
එකතු කර පළිඟු දිය සීරා
රිදී දෝනාව
වන් දෑල මැද
රන් කරල්
පීදෙන ලියැදි හරහා
සුළඟට පොර
බදන
සුදු රැළි
ගවුම, නිල් කරපටිය
දමනය කරමින්ම
සැරිසරමි මම
පුරුද්දට වෙනදා මෙන්
ඉඩෝරෙට කොළ හැළුන රබර්වතු යායම
ඉපල් බේරුණ
දෑත් නඟා හිස් අහසට
හිරිකඩක්
එනතුරා මඟබලා ඉන්නවා.
ඒ පාළු රබර්
ගස් යට
සට පට හඬින්
පිපිරී
බිම වැටෙන රබර් ඇට
මතකයෙන් ඇහිඳිමි මම.
බිම වැටෙන රබර් ඇට
මතකයෙන් ඇහිඳිමි මම.
සිහින් සිරි-සිරි පොදක් විලසින්
ගලා ආ දුරකතනයෙන්
මා පුතුගෙ ළබැඳි පිය තෙපුල්
කර දැවුණු පොළොව මත පතිත විණි
ගලා ආ දුරකතනයෙන්
මා පුතුගෙ ළබැඳි පිය තෙපුල්
කර දැවුණු පොළොව මත පතිත විණි
දසක ගණනක් ඈත,
දසදහස් ගව් ඈත
මතක නිම්නයේ
හිඳ
පාළු නුඹ ගැබ
පුරා වැහි වළා පිරිවරා
කඩා වැටුණා කඳුළු වැස්සක්
සැඩ පහරක්ව
පීනන්න බැරිතරම් මට
මල්ලිකා එම්.
බණ්ඩාර
22.01.2017