නාඬා ඉඳින්
මරියා!
වැතිරී කුරුස
ගහ ළඟ
තවත් නම් ඉකිබිඳිනු නැත
දනීනම් නුඹ මා
කුරුසයෙන් බැස ගියවග
දනීනම් නුඹ මා
කුරුසයෙන් බැස ගියවග
දොරින් දොර
නොනැවත
කියාපන් මුරගා
මෙපුවත
ඇරදමා ගල් ලෙන
බිඳ දමා ලෙන්
දොර
කල් බලා පිටත්
වී ආයෙම්
එකලාව
හිඳින්නට දුරු රට
හෙලා දහදිය
කඳුළු
අනා දූවිල්ල
පදමට
මිනිස්කම
ඉදිකළෙමි
සුවඳ වෑහෙන
ලොවකට
සත්‍යයේ
දෙවියන් ඇණ ගසා
කිරුළු පළඳී මිත්‍යාව
දැන් ඉතින් නුඹේ ගැලවීම උදෙසා
නැඟී සිටපන්න මරියා,
බලා නොහිඳ නැඟිටින තුරා මළවුන්
නුඹ තුළම වැඩ හිඳී නුඹේ දෙවියන්
බලා නොහිඳ නැඟිටින තුරා මළවුන්
නුඹ තුළම වැඩ හිඳී නුඹේ දෙවියන්
නාඬා නැඟී සිටපන්න මරියා!
මල්ලිකා එම්.
බණ්ඩාර
14. 03. 2017
No comments:
Post a Comment