උඩරට සිංහල
බොදු ගොවි කම්කරු
කිතුනු හින්දු
ඉස්ලාම් ලේබල් දැරු
බෝම දෙනා කරනා
නෙක ගරු සරු
සුපිරි බාලිකාවට
යනෙන මම නිරතුරු ,
නමින්, “වල්ලි අම්මාය” .
ඒත්, හැටපනින තුරාවට
බේබිලා කීවෙම "සින්නපුල්ලේය",
වැඩට ආ දිනේ
හිට
"මැඩම්ලා"
දුන්නු නම “කූලීය” මට.
උප්පැන්න කොලේ නම් මම වල්ලි අම්මාය.
උප්පැන්න කොලේ නම් මම වල්ලි අම්මාය.
වැඩ වසන ගුණ නැණින් සදිසිවූ සුරගුරු
දෙවි දේවතාවුන්ය ශිල්ප දෙන ගුරුවරු
ගම්භීර දොරටුවෙන් බාලිකාවේ මහරු
ගෙවුණු හතළිස් වසර වාගේම
මේ
අවුරුද්දෙත් බේබිල එනවා.
කිරි පැහැ
පූඬැලු කික්කියො වාගේ
අළු පිහ දාගෙන
සිල්ප නිමා කර
අවුරුදු
අටකින් ආපහු යනවා.
ලතා මඬූලූ යට
පටු මාවත් ළඟ
ළමා නිවස්නේ කොක්
හඬ තළනා
ඉඳහිට හරි මා ළඟ
පාතක නම්
නැහැපුඩු
මිරිකා පියමං වෙනවා
දෙතුන් දහක්
දැරියන් සැරි සරණා
කවට සිනා කෙළි
සෙල්ලම් ඉහිරෙන
මැයි ගහ හෙවනේ
ගිමන් නිවන කොට
දූවරු නැති කම
මටත් දැනෙනවා
හිතේ උපන් දුක
තුනී කරන්නට
හූල්ලලා මම
ඉවත බලනවා
දළදා හිමි වැඩ හිඳින නුවර
දොර
සිව්මහ දෙවොලේ
අනුහස ඇතිදුර
උදේට හවහට වීදියෙ
ගාටන
මගේ පපුව යට
ඇවිලෙන දරු දුක
පත්තිණි අම්මගෙ ඇහැ ගැහුනෙත් නෑ
උන්දැට හැට ඇඳිරිය ඇවිදින්දෝ
අඩිදහයෙ තාප්පේ කුරු බිලෙන් රිංගලා
ඇතුළු නුවරට වැදුනෙ
සිල්ප සඳහා නොවේ.
වැසි කිලිය කැසිකිලිය
කාණු අතපත ගගා
කුණු කූඩ
අවුස්සා යමක් ඇද්දැයි බලා
ඉණතුරේ
හඟෝගෙන
හැටත් පනිනා
තෙක්ම රස්සාව කොළත් මං
මළ පොතේ
අකුරවත් දැනගන්ට බැරිවුණා
සුපිරි
බාලිකාවෙන්!
මල්ලිකා එම්.
බණ්ඩාර
09. 03, 2017
No comments:
Post a Comment