Monday, 10 April 2017

මිනිස් කුලය



දහදිය මුගුරු වගුරා වෙර දරා           ගෙන​
යසිසුරු නොමද ධන කුල බල බදා   ගෙන​
ලුහුබැඳ ගියද​ වග වලසුන්         නියාවෙන​
අවසන ගෙවමු එක පොළොවක නිදාගෙන

යුක්තිය සොයයි මිනිසුන් ගෙන් මිනිසාට
එය හමුවුණේ කවදා කොතනද       කාට​
වෙහෙසින් දෙපා යුග​ පණ නැති වුණදාට​
ඔබ පසු තැවෙනු ඇත කළුනික හෙව්වාට​

සුවඳදී පිපෙන්නට කටු අකුළු මත     පවා
නිබඳ සිත් පිරෙන්නට මිනිස් වග​ සනසවා
මල්පියළි මෙළෙකදී  සෙල්පිළිමයට පවා
පැන් බිඳක් වෙමු ගලන මිහිමඬල සතපවා 

හිරු මඬල තරු පන්ති සමඟ අත්වැල් බැඳන්
අති උතුරු මිනිස්කම​ හදවතෙහි කර   නිදන්
බමන මිහිමව් තුරුල සත්වගට   සෙවන දුන්
රකිමු මතු උපනුපන් පරපුරද​ රැකෙන මෙන් 

මල්ලිකා එම්. බණ්ඩාර​

10. 03. 2017

No comments:

Post a Comment