Thursday, 27 April 2017

පහන් තරුව



පහන් දොරින් එබී බලා
යහන් ගැබට නෙතු දල්ලා
සහන් එළිය දෝතක් දී
පහන් තරුව නුඹ ඇවිදින්
වහන් වුණා ඉඟි කරලා

රත් පැහැවුණ තුරුපත් මත​
මුතු ඉහිරෙන තුහීනයේ
සිනා විලක සත් පියුමන්
විකසිත කර​ මගේ ළයේ

ටිකිරි සිහින තුළ ඉපදී
නැවුම් යොවුන් වසන්තයේ
සුවඳ මැදින් නුඹ තවමත්
සිනා සලයි දිගන්තයේ

සීපදයක ගොපළු පැලේ
ගී පදයක සඳළු තලේ
තනුව අරන් හිමිදිරියේ
නුඹ දිලුණා ගුවන් තලේ




මල්ලිකා එම්. බණ්ඩාර

27. 04. 2017​

No comments:

Post a Comment