වැටත් නියර හා එක්වී අලාපාළු කර හැල්කෙත
පළා ගිරව් රෑනක් සේ උරා බී දැයම වනසත
බිංකඩත් තියා උගසට ගං දියත් දමා බොරකර
ආයුබෝ කියති කරදිය වළල්ලට හැරී
සුරා සොඬුන් තළු මරණා නුරා අවන්හල් ඇරෙනා
පුරවරේ ළඳුන් කුණු කොල්ලයට විකිණෙනා
සෙයිලමෙන් බෙදන මතිනා අකල් මල් පිපෙන
අරණා
ළපටි දරු පැටව් වල්මත් වෙලා වැනසෙනා
සිව්පසෙන් පුදන නොලසා ඉස්මුදුන් තියා වෙසෙසා
ජාතියේ වැඳුම් ලද මුරදෙවිවරුන් ලගී ඉවසා
සොරාකා අගත අනගත සගස වෙත පිදූ පිරිකර
කෝටියක් සිලුත් බිඳ පඬු හැළිය කළතනා
සුදුවතින් සැදී මොනවට තව්තිසා ලොවෙන්
මිහිබට
අත ගගා මැස්ස දඩමස් බුදින හූරලා
සව් සැපත් විඳිති දන ඉහ මොළත් සූරලා
දෙසති වැදි බණක් පින් පව් දෙමින් තෝරලා
සොරමුලක් සමඟ පාදඩ පිරිවරා සෙනඟ සිව්රඟ
පබුදනා සරති මහමඟ කෙළිති හිතුමතේ
සිඟාකති දුගීදන ණයබරින් දහඅතේ
බත් මිටක් කුසට නැති කොට
පැන් පොදක් මුවට නොවැටෙත
ගම් දනව් වලින් දුක් ගිනි මෙළවිලා යතේ
කරපිටින් දිළිඳු දන සා-පවස උසුලනා
නොයෙක මැති ජනා මනදොල පුරන රිසියෙනා
වයති ජාතියේ මළබෙර සවණ පාරනා
මල්ලිකා එම්. බණ්ඩාර
11.03. 2017
No comments:
Post a Comment