දුකයි මට නුඹ දුකින් දැක්කම
ඇතත් එඩිතර කම හිතේ
මොකක්දෝ මහ මෙරක් උසුලා
සිටින බව පෙනුනා
පුතේ
දරා ගන්නට බැරි වෙලාවට
ගැහැණු අප ඉකි බිඳිනවා
ඒත් ඒ දුක බෙදා ගන්නට
බැරුව දහ දුක් විඳිනවා
ගැහැණියක තම හිතේ ගින්දර
දරා ඉවසා සිටිනවා
ඒත් ගෙයි ගිනි පුපුරු හුළඟේ
යා නොදී රැක ගන්නවා
ලෝදහම රිය සකක් වාගේ
ගල් බොරළු මත ඇදෙනවා
නුඹත් මිහිකත
සේ අකම්පිත
වීම යෙහෙයැයි හැඟෙනවා
දයාදර වත හිනා රැල්ලක්
සිහිල් දිය උල්පතක් වාගෙයි
ජීවිතේ දිය දහර ගම් බිම්
දොවන ගංඟා තෙරක් වාගෙයි
ජීවිතේ දිය දහර ගම් බිම්
දොවන ගංඟා තෙරක් වාගෙයි
තරහ ගිනි මැළයක් වගේ නම්
එගිනි නිවනා මඟ නුඹයි
නිවුන හිතකින් බෙදන දියවර
පවස සරතැස දෙක නිවයි
ඉවසපන් ඉවසන්න බැරි තැන
පෙරමුණේ සෙබළියක සේ
ගවසපන් මල් සිනා කඳුළින්
පෙඟුණ නුඹෙ දිරිමත් හිතේ
මල්ලිකා එම් බණ්ඩාර
1. 05. 2020
No comments:
Post a Comment