
මහවෙල මැද්දේ තාලය අල්ලා
නෙළුම් කවිය කියනා අම්මා
කිරි අම්මාවරු දනට වඩිද්දී
පෙරමුණෙ රාළයි අපෙ අම්මා
පෙරමුණෙ රාළයි අපෙ අම්මා
ගමේ විහාරේ සුදු වැලි මළුවේ
ඉරටු රටාවෙන් අමදිනවා
නාගස් සෙවනේ
සිල් ඇත්තන් හට
සතිපට්ඨානය කියවනවා
කුළුඳුල් දරු ගැබ බිම තියනාදා
කරඬුව සේ උන් වැඩමවනා
පඬුරු නැතුව
දිව රෑ නිදි වරනා
ගම්මානේ වින්නඹු අම්මා
කැණි මඬළේ බර දෙඋර දරා
තනි ගෙපැලේ කොටු පවුර අරා
කල්වරි කන්දේ කුරුසය උහුලා
මගේ මෙසායාවූ අම්මා
මට විවරණ දුන් ගෙදර බුදුන් නුඹ
ඔබෙ පා යුග මුල දුහුවිල්ලකි මම
පහන් කණුව බද දළ රළ පෙළ ඉම
රැකවරණයෙ තොටුපොළ අම්මා
මල්ලිකා එම් බණ්ඩාර
10. 05. 2020
No comments:
Post a Comment