බෝමළු වෙහෙරේ
නා සෙවනැල්ලේ
කවි ගී මුමුණා මද පවනැල්ලේ
සොඳුරු ළමාවිය
ගෙවුණු සඳැල්ලේ
අකුරු ලියන්නට
මුදු සුදු වැල්ලේ
ගණ්ඨා නාදය සවණ
පුරන්නේ
බුදු මැදුරේ
මල්සුවඳ සරන් නේ
බෝපත් සිළි
සිළියෙන් ලෙළ දෙන්නේ
ළපටි ළමෝ හිඳ
අකුරු කරන්නේ
ජීවිත ගමනේ කණු
මුල් අරවා
විදු ණැන පහනින්
ගණදුර හරවා
ශිල්ප සතර ලද ඒ
බණමඩුවේ
බවුන් වඩමි සිත බැතියෙන් පුරවා
මල්ලිකා එම්
බණ්ඩාර
04. 10. 2018
No comments:
Post a Comment