Thursday, 14 May 2020

මව්වරුන් ගේ දිනය




කරදඬු උස්ව පිරුණත් උන් හැට වියට
ඇගෙ දරු පැටව් කිරිදරුවන් මය ඇයට
මුළු ජීවිතය කැපකර පුදකළ දැයට​   
දවසක් වෙන් කරන්නේ  කුමටද මවට​?

දරුවන් කුණු කිළිටි නිති සෝදන්නීය​
මරුවන් වුවත් උන් පව් දෝවන්නීය​
ඇය නුදුටුව ලොවට මඟ පාදන්නීය​
සිව් බඹ විහරණෙන් ඈ තුටු වන්නීය​

ජීවන රඟ මඬළ පිටුපස රඟන හිඳ
අදියුරු දරුවන්ට ජය තිර කරන ලද
සව්දිය පිරූ උන් අබිසෙස් ලබන සඳ
රණ සෙබළිය ඇයයි සිව්‍ රඟ සෙනඟ මැද  

මල්ලිකා එම් බණ්ඩාර​

10. 05. 2020


No comments:

Post a Comment