Thursday, 28 May 2020

පින් - පව්

අපුච්චා හදපු කණ කර පළඳාන
විලක්කුව වගේ දස අත බබලාන​
වලව්වේ හාමු ගන​ රන් කදසේම
තිරික්කලෙන් වැඩියා අද උදයේම​ ​

ඉණවට හවඩි අත රන් මුදු  පුරවාන​ 
පට සළු අඳින පය පාමුදු සරසාන​
තුට්ටු දෙකට ඉල්ලා  සවරන් බාන​
හෙට්ටුකරනවා ලංසුවකට තාම​ 

බත් ඇති තැනකටම කොස් ලැබෙනා සේම​
හැට අමුණක්ම ගොඩ මඩ අසද්දාන​ ​
ඒ ඇත්තන්ම විඳ​ රජ සැප වරදාන​
නැතිබැරි අපට​ දත නියවනවා බෝම​

කරපිංචා නටුව කන් පෙත්තට දාන​
මං ගැන හිතා පිං මඳකම උහුලාන 
රන්කම් කරන රන්නයිදෙගෙ දූ වීම​

අනේ අපුච්චා ඉවසන්නද කෝම​?



මල්ලිකා එම් බණ්ඩාර​
28. 05. 2020



No comments:

Post a Comment