අපුච්චා හදපු කණ කර පළඳාන
විලක්කුව වගේ දස අත බබලාන
වලව්වේ හාමු ගන රන් කදසේම
තිරික්කලෙන් වැඩියා අද උදයේම
ඉණවට හවඩි අත රන් මුදු පුරවාන
පට සළු
අඳින පය පාමුදු සරසාන
තුට්ටු දෙකට ඉල්ලා සවරන්
බාන
හෙට්ටුකරනවා ලංසුවකට තාම
බත් ඇති තැනකටම කොස් ලැබෙනා සේම
හැට අමුණක්ම ගොඩ
මඩ අසද්දාන
ඒ ඇත්තන්ම විඳ රජ සැප වරදාන
නැතිබැරි අපට දත නියවනවා බෝම
කරපිංචා නටුව කන් පෙත්තට දාන
මං ගැන හිතා පිං මඳකම උහුලාන
රන්කම් කරන රන්නයිදෙගෙ දූ වීම
අනේ අපුච්චා ඉවසන්නද කෝම?
මල්ලිකා එම් බණ්ඩාර
28. 05. 2020
No comments:
Post a Comment