සුරල් පද තාලයට
වරල් සලනා
මීන නෙතු අග
නිදහසේ තෙතමනය
මීන නෙතු අග
නිදහසේ තෙතමනය
තෙරපුණා කඳුළක්ව
වාන් දොර බිඳගෙන
වාන් දොර බිඳගෙන
දියවී ගලන්නට.
කුහක මිනිසුන් ගේ
කටු සැමිටි පහරින්
යළි සිරගත නොවීබේරී සිටින්නට
සිසිර සමයේ මිදුණ
හිම කැට පිළිමයක්
නිරාවරණය විණි
සැඩ හිරු කිරණට.
සැඩ හිරු කිරණට.
මල්ලිකා එම් බණ්ඩාර
29. 05. 2020
No comments:
Post a Comment