අඳුරු සළුවෙන් වසා සියොළඟ
කඳු සිරස නිදි සුව සොයද්දී
ළපටි සඳපත සදිසි නුඹෙ වත
මද සිනා නැඟුවා..මගෙ ලොවට ආවා.
නීල මිණිකැට වගේ දිළියෙන
යාන්තම් අඩවන් නුවන් අග
ලිහී ඉහිරෙන ගීතයක පද
තල්පතක්සේ පන්හිඳක් ගෙන
මගෙ නෙතේ ලීවා...
බිඳෙන දුනුදිය අගින් ගිළිහී
මිදෙන ඊතල පෙළක් වාගේ
මගේ හදගැබ පතුළ ඇමිණී
සුවහසක් සිතුවිලි වෙලාගෙන
නුඹ හෙමින් ආවා...ආවා.....නුඹ මවෙත ආවා...
මල්ලිකා එම් බණ්ඩාර
26. 08. 22
No comments:
Post a Comment