කුළු ගෙඩි පහරින් ඇණ මුරිච්චි ටික සී සී කඩ කළ මන්තරේ
බේරෙන්
නාවා මළ බෙර ගහලා ගැලුවයි ජන ගඟ කොළොම්පුරේ
ඉස්මොළ
කෙස් හිරි වට්ටන තාලේ සෙන්පතියන්වුණි අන්තරේ
මහමෙර
ඇළලී කුවේර පුරයම වහන්වෙන්ට විය බංකරේ
ගව්වෙන්
ගව්වට දික්වෙන පෝලිම් මහමඟ ඉදි වෙච්චයි
උස්
මිටිකම් දෑ කුල ගොත් නොතකා කුසගිනි මෙළවෙච්චයි
ලස්ස
ගණන් දන ගෝටාගෝ ගම කඳවුරු බැඳගත්තයි
වටු
රැළ වාගේ මස්වැදි දැළ බිඳ අහසට ඉගිලෙච්චයි
ගෙරි
කුණකට ගිජු කපුටු රෑනකට රජු විය මහ හිවලා
නන්නත්තාරවු
ජඩ හිවලෙක් උන් වළඳන හැටි දැකලා
උගේ
සනුහරේ ගොඩදාගන්නට කෙළ හල හල ඉඳලා
රජෙක්
වෙන්ට දොලදුක අටගත්තයි රටකට ගිනි තියලා
මල්ලිකා
එම් බණ්ඩාර
16.
07. 2022

No comments:
Post a Comment