කොළොම්තොටේ මහ පා වල ඉපදී
සිල්පය ලද්දෝ සුපිරි තක්සලාවෙන්
ආලාපාලුව ගියදා මිනිසත්කම්
හිත් පතුළේ පැලවුණාද
නොපණත්කම්?
මව් බිම ජාතික උරුමය විකුණා
හත් පරපුරකට රට දැය ණය කළ
පීඩක පාලක සොර දෙටු මුළකට
පීඩිත ජන හඬ රළපෙළ ඇවිදින්
කණුමුල් සොලවා වාහල්කඩ බිඳ,
ගොඩගැලුවා සැනෙකින්
ඉපදුණ බිම්කඩ යළි රැකගන්නට
පෙරමුණ ගත් දෑ විරුවාණේ
සන්නස් මිටියෙන් ඉස්ගෙඩි ඉදිමුණ
බමුණු කුලය බිඳි රජිඳාණේ
කන්තල විනිවිද ගුගුරා මොරදුන්
බින්තැන්නේ මහ ගිජිඳාණේ
ගං පොජේ හිට මං ගච්චපු නුඹ
සිදාදියෙත් පෑ අබිමානේ
රණ ගොස නඟලා කඳවුරු
බැඳලා
සහ පිරිවර ගෙන ඔද තෙද පතුරා
පවිටුන් දළ බිඳ ජය සක පිඹිනා
වසන්තයක් නුඹ මේ මව් දෙරණට!
මල්ලිකා
එම් බණ්ඩාර
27. 07. 2022

No comments:
Post a Comment