සීත සුළඟේ රැඳී ඇදෙනා
වැහි වළා සළුවක් වෙලා
මගේ හද ලෙන මතට ඉහිරෙන
හීන් මල් වැස්සක් එලා
වැටෙන සිරිපොද ගීතයක් සේ
මා සවන් යුග තවරලා
හෙටත් එනුමැන දුළා නයනත
සිනා ගඟුලක් අතුරලා
දැවුන මිහි ගැබ දොවා සනහන
නිබඳ මා සිත නිවන කළඹන
මියුලැසිය නුඹ යළි නොයන්නට
මගේ දිවිලෙන පහන් කළමැන
මල්ලිකා එම් බණ්ඩාර
17. 08. 2022
No comments:
Post a Comment