සයිබර්
පවුර මත නැඟ හඳ අතගාන
මිනිසුනි, රාවනා මළකුණ ගොඩදාන
ඇස් ඇර බලව් පවතින මොහොතම
පේන
කටවාචාල කම් නරිවාදන් මැද්දේ
නායකයෝ
උලාකා රට දෙති සුද්දේ
ළිං මැඩියෙනි යොමා නෙත, නවතා සද්දේ
මිනිසුන් වෙයල්ලා අවසන් කර යුද්දේ
ජාතික
සමඟියට පිඹ පිඹ ගිනි අඟුරු
මොලවනු
කුමට ගිනි දළු ළංකර පිදුරු
අතහැර
නොදැමුවොත් කඩුපොළු දඬු මුගුරු
ලේසිය නහන්නට අබිමන් දැය සොඳුරු
දියකඳ
දෙබෑ කරගෙන විරුවන් පේවී
එනතුරු
නොඉඳ තම ණැන පමණින් හාවී
අත්වැල් නොබැඳ නැඟිටින්නට බැරි වේවී
දහිරිය
වැඩුවොතින් දිනු බිම සුරැකේවී
වරදට ඔවාදී නිවැරැදි කර පල්ලා
රජුටත්
දුගියටත් නිසි තැන දීපල්ලා
දුදනන්
සබා මැදවුව පිටු දැකපල්ලා
අත පය වෙහෙසලා කට සොලවාපල්ලා
මොළ කළඳක් ඇතොත්
තරමට මංචාඩී
වින කළ උන්ව පිටුදැක ලාගෙන
වාඩී
ගලවා පැළඳ ඇති නෙක පැහැ කණ්ණාඩි
පලවා හරිව් අම්බලමෙන් ඔය ආඬී!
මල්ලිකා එම් බණ්ඩාර
30. 08. 2022
No comments:
Post a Comment