Monday, 15 August 2022

පරාජිත සෙබළිය

පරාජිතවූ සෙබළියක ලෙස​

පළායන්නට සිදුවුණා මට​

පෙරුම් පිරුවා බවුන් වැඩුවා

සිහින පහයක ගිමන් හැරියා

නුඹේ විජිතය දිනාගන්නට​

කිරුළු අබිසෙස් ලබාගන්නට​

 

දහස් අබිසරු ළියන් අතුරින්

මගේ රුව නුඹෙ සිතෙහි සැරුවා

බිඳුණු දුනු හී පසෙක හැරදා

පවුරු පදනම් දූලි කරවා

ඉසුරුමුණි පෙම් යුවළ වාගේ

දවසරින්නට පෙරුම් පිරුවා


ගම් දනව් මාළිගා කෙත්වතු

සමඟ භව භෝගයෙන් පුරවා

තව දනව්වක් දිනාගන්නට​

මාව තනිකර ගමන් පිරුවා


තුන් හිතකවත් නොවූ අයුරින්

මගේ විජිතය සසල කරවා

රුවන් මිණිමුතු දුහුල් සළු දී

නා ලොවෙන් ආ ​ එරන්දතියට

නුඹේ සිහසුන උරුම කරවා

රැජින ලෙස අභිශේක කෙරුවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

14. 07. 2022

No comments:

Post a Comment