ඉහිරුණ සුදු වැලි තලයේ
සේපාලිකා මල් අහුලා
ගොතා නුඹේ ගෙල පැළඳූ
මල්දම කෝ සුරතලියේ?
ඉරටු කෑලි වල අමුනා
පැළඳූ කොස් කොළ ඔටුන්න
නුඹේ විජිතයේ
රජකම
තවමත් උරුමද කියන්න
ලෝල වඩන මුදු වදනා
සඳුන් අඳුන් සිත තවනා
ගිළිහී ගිය හිත නිවන්න
සිනා පොදක් එවාපන්න
නේක ඉසුරු පිරිවර මැද
බරවුණ හිත පහන් වෙන්න
බාල වියේ කුමාරියේ
යළි මගෙ ලෝකෙට වඩින්න
මල්ලිකා එම් බණ්ඩාර
25. 08. 2022

No comments:
Post a Comment