වෙලාව හයහමාරට විතර
ඇති. මට හරි බඩගිනියි. කලින් යන්න ඕන dining hall එකට.
සිතූ මම තුවායත් සබන්
පෙට්ටියත් අතට ගෙන බාත් රූම් එකට යන්නට සූදානම් වුණා පමණි. කාමරයේ දොර විවෘත විය. මම ඇඳ
යට තිබූ රබර් සෙරෙප්පු දෙක ගන්නට නැවී සිටියද ඒ කාමරයට ඇතුළු වූයේ නිපුනී බව ඉඳුරාම දැනගතිමි.
ආ... මොකද අද කලින්? මං මේ වොෂ් එකක් ගන්ට
යන්ට යන්නෙ. කාලෙකින් අද රූම්මේට් එක්ක ඩිනර් ගන්න පුලුවන්".
නිපුනී පිළිතුරු
දුන්නේ නැත. මම ඈ දෙස හැරී බැලුවෙමි. පොත් හා ෆයිල් එක මේසය මත තියන ගමන් නිපුනී
මට පිටුපා සිටි බැවින් ඇගේ මූණ හරි හැටි පෙනුනේ නැත. මම දොර අඩක් ඇරදමා කොරිඩෝව
දිගේ බාත් රූම් එකට ගියෙමි.
නිපුනීගේ මුහුණ මා
දැක්කේ නැත. මා කීදෙයට ඇගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේද නැත’ යි මොහොතකින් මතක්
වූයෙන් කොරිඩෝව දිගේ මද දුරක් ගිය මම ආපහු හැරී කාමරයට ආවෙමි. මා කාමරයට ඇතුළු
වෙත්ම නිපුනිගෙ ඉකිබිඳුම් හඬ ඇසුනෙන්, මගේ සිත පමණක් නොව ගතද සසල වන්නට විය.
නිපුනී ඇඳ මත මුනින්තලාවී මාරාන්තික වේදනාවක් යටපත් කරන්නට දරන තැත මා බියපත්
කරන්නට සමත් විය.
“නිපුනී... නිපුනී...."
ඉකි බිඳින නිපුනී දෙස මා
මොහොතක් බලා සිටියෙමි.
“හත් දෙයියනේ මොකද මේ?”
ඇඳ ළඟට ගිය මම
බිත්තියට දෙසට හැරී මුහුණ කොට්ටයෙහි ඔබාගෙන සිටින නිපුනිගේ උරහිසට අත තබා ඇගේ ඇඳ
මත වාඩිවීමි.
"ඒයි... නිපු, මොකද ළමයො මේ? අසනීපයක්ද ....නැත්නං
වෙන ප්‍රශ්නයක්ද?
කතාකරනු වෙනුවට ඉකිබිඳුම
වේගවත් විය.
“ඉතින් කියන්නකො අයියො... මොකද්ද කරන්ට පුළුවන් කියලා බලන්න".
හිසත්, උරහිසත් හෙමින්
පිරිමදින ගමන් ඇය මා දෙසට හරවන්නට උත්සාහ කළෙමි. ක්‍ෂණිකව
හිස ඔසවා ඇඳ මත දණින් සිටි නිපුනී, මගේ බෙල්ල බදා ගෙන වැලැහින්නක මෙන් හඬා
වැටුණාය. වේගයෙන් ගැහෙන සිරුර දැරිය නොහැකි වේදනාවක් තෙරපා හරින්නට දරන වෙහෙස බලා
සිටින්නට අපහසුය. ඉකිබිඳුමක්
හැර ඇගේ මුවින් යමක් පිට නොවෙයි. කියන්නට ඕනෑ දෙය පිට කරගන්නට ඇය මහත් ආයාසයක්
දැරුවාය. ඇඬීම බාල වෙනතුරු ඇගේ හිස මගේ දකුණු උරහිසෙහි හොවා කම්පිත
සිරුර දෝතින්ම වැළඳ ගෙන සිටියෙමි.
"නිපු... අඬ්න්නෙ නැතුව
මොකද වුණේ කියන්නකො"
මම බැගෑපත් වුණෙමි.
මගේ ඇවිටිල්ල ඇයට
නෑසුණ තරම්ය. වරක් තීව්‍ර වන ඇඬුම තව මොහොතකින් කෙඳිරියක් මෙන් ද, තවත් වරක සියුම්
සැතකින් සහින විට දැනෙන වේදනාවක් මුදාහරින කලක මෙන් මහත් සම්පීඩනයකින්ද හඬා
වැටුණාය. ඇගේ මුළු සිරුරේ බරම මා මත පතිතවී ඇත. මම සෙමෙන් ඇයව ඇඳ මත වාඩි කරන්නට
උත්සාහ කළෙමි. එකෙනෙහිම
ඇය කෙසෙල් කඳක් මෙන් කඩා වැටුණාය.
මගේ හොඳම මිතුරිය නොව
පරම හතුරෙක්වත් මේ අයුරින් හඬනු දැකීමට මම අකැමැත්තෙමි. බොහෝ වේලාවක් ඉකිබිඳ, බිඳුණ ඉකියක් අතරින්
ඇය කී දෙයින් මා අහුලා ගත් දේවල සාරාංශය ලෙස මට තේරුම් ගියේ, නිපුනීත් අසංගත් අතර
තිබූ ප්‍රේම සම්බන්දය අවසන්ව ඇති බවය.
මේ අවසානයට හේතුභූතවු
කාරණා පිළිබඳව, මා
සතු අවම උපකල්පන හැකියාවට හසුවන මානයේ සිට බැලුවත්, සැලකිය යුතු යමක් මට හමු නොවුණි. දම්වැලක පුරුක් මෙන් දහසකුත්
එකක් සිතාගැනීම් මා සිත තුළ දැවටෙන්නට විය. එහෙත් එහි උපරිමය නම් මා වැන්නියකට සිතා
ගැනීමටවත් නොහැකිය.
මගේ මුළු ගතම කිළිපොලා
ගියේය. මේ නම් ඇදැහිය හැකි දෙයක්ද?අවුරුදු දෙකක ප්‍රේම පුරාවෘත්තය අවසන්? සැබැවින්ම අවසන්ව
ඇත්තේ දෙදෙනෙකු අතර පැවැති භෞතික සමායෝජනයයි. ඉන්
පසු උද්ගතවන මානසික තැළුම් සීරුම් වල අවසානයක් කොතැනක නම් තිබිය හැකිද?
එකිනෙකාගේ සිත් සතන් තුළ ජනනයවූ බලාපොරොත්තු සහගත බැඳීම්, සාගරය වැනි අනන්ත
අපරිමිත සතුටක උල්පතක්ව පවතින්නට ඇත. අහස සිඹින කඳු වළල්ලක් මෙන් ඔවුන් දෙදෙනා කේන්ද්‍රගතකර ගොඩනඟන ලද ප්‍රේමණීය ලෝකයේ මිහිරි මතකය එකිනෙකාගේ ආත්මයන් සෙක්කුවක දමා තළා පෙළා යුෂ මිරිකන විටක මෙන් වේදනාකර වනු ඇත.

නිපුනීගේ හිසත් නළලත්
ගිනි කබලක් වගේ රත්වෙලා. ඊට ප්‍රතිවිරෝධීව අත්පා සීතල වෙලා.
මම වහා නැඟිට ග්‍රොස්
රෙදි කඩක් ඕඩිකොලොං වල පොඟවා ඇගේ නළල මත තැබීමි. මට කළහැකිව ඇත්තේ
එවැනි අත් උදව් දීම පමණි. අනික් අතට ගැටළුව නොදැන විසඳුමක් හොයන්ට විදියකුත් නැත.
පහුගිය අවුරුදු දෙක
අපි කොයිතරම් සමීපව සිටියාද? ඒත්
මේ තීරණාත්මක අද දිනය වන තෙක්, මට විවර නොවූ පැති කඩක් නිපුනිගේ ජීවිතයේ තිබූ බවද
මම නොදැන සිටියෙමි. හාරා අවුස්සා අනුන් ගේ පෞද්ගලිකදේ දැන ගැනීමට මට අවශ්‍ය නොවුණද, සමහර අවස්ථා මා විසින්
සොයා බැලුවානම් හොඳ නොවිනිදැයි දැන් මට සිතේ.ඇය මට වැසැංගූ දේත් මම ඇගෙන් නොවිමසූ දේත් එකක්මවී මේතරම් ශෝචනීය අවසානයකට අවතීර්ණ වී ඇතැයි මම අනුමාන කළෙමි.
මගේ සිත මහත්
අනුකම්පාවකින් පිරිතිරෙයි. ඉකිබිඳුම තුරල්වීගෙන ගියමුත්, මහමූදේ රළ බිඳෙන්නාක් මෙන්, තොරක් නැතිව සුසුම් හෙලන හඬ ඇහීම පවා වේදනාකාරීය. මම ඇගේ සිරුරට ස්පර්ශ වන සේ ළංව
ඇඳේ වාඩිවී සිටියෙමි. බියකරු රාත්‍රියක ආරම්භයක් සනිටුහන් කරමින් මේ ගොම්මන්
අඳුරත් එක්ක අරක්ගත් යක්‍ෂයා මොකාදැයි මම දහ අතේ කල්පනා කළෙමි. නොයෙකුත් අතුරු මං
පෙත් ඔස්සේ හිතන්නට වෙහෙසුන මුත් නිපුනිත් අසංගත් අතරට කඩාපාත්වූ හෙනය කුමක්දැයි
දැන ගන්නට තරම් ඉවක් මට නොතිබුණි. මට නොතේරෙන අනන්ත අප්‍රමාණ
දේ අතරින් මේ එක අංශුවක් පමණි. අද
උදෙත් ෆයිල් කවරය සහ කුඩය වම් අතින් ළය මඬළට තුරුළු කරගෙන, අසංගගේ පසෙකින් ලතාවකට
ගමන් කරන නිපුනී මගේ සිතේ ඇඳී මැකීයයි.
අප දෙදෙනාම hall එකෙන් පිටවුණේ එකටය. නිපුණී එනතුරු අසංග හිල්ඩා ගහ ළඟ බලාසිටියේය. මම ඔවුන්ට
ඉදිරියෙන් යන්නට ඉඩදී ගමන බාල කළෙමි. අසංගගේ පෙනුමෙහි වෙනසක්
වීදැයි මට මතක නැත. කෙසේ හෝ මම ඔවුන් පසු පසින් ගමන් කළෙමි.මේ දෙන්නා සෙනෙට් එකට හැරෙන අඩි පාරෙන් හැරී ගොස් ලයිබ්‍රරියට පැත්තට යනව දැක්ක. මගේ පොල් (Political Science) ලෙක්චර්
එක පටන් ගන්නේ නවයට නිසා මම අඩි ඉක්මන් කොට AT එකට රිංගා ගතිමි. පමාවී ගියොත් Dr.සොයිසා ගෙන් බැණුම් අසන්නට සිදුවනු ඇත. මගේ
ලෙක්චර් දෙක ඉවර වෙලා, අපේ කාන්ඩෙත් එක්ක ලන්ච් වෙලාවට, මං hall එකට ආව, එච්චරයි!
කෑමෙන් පස්සෙ සුපුරුදු
විදියට පුංචි
තෙල් බෙදිල්ලකටත් සෙට් වෙලා ඉඳල, කාමරේට
ආවට පස්සෙ අද දවස ගෙවුණෙ කාමරේමයි. මගෙ දෛනික චරියාව
බෙහෙවින් සරලය. එමෙන්ම විවෘතය. දැරිය හැකි පමණට බර පටවා ගැනීම හැම අතින්ම
ගුණදායකය. සංකීර්ණත්වයත් සමඟ දැනෙන අසහනයට මම අකැමැත්තෙමි. ඒකචාරී ජීවිතය සැපයයි
මා සිතෙන්නේ ඒ නිසාය.
මම වරින් වර නිපුනීගේ හිස සෙමෙන් පිරිමැද්දෙමි.
තවත් වරක ඇගේ උරහිසේ සිට පිට දක්වා පොඩි බබෙකු නිදි කරවන්නට මෙන්
ඇඟිලි අගින් මෘදුව තට්ටු කළෙමි. හඬන වැළපෙන කෙනෙකු දෙස බලා සිටින්නට මා අපෝසත්මි.
හැඬුම නතර කිරීමටත්, හඬන්නා
නැළවීමටත් මා උදක්ම වෙහෙසුණේ, මගේ සිත අස්වසන්නටත් එක්කය. එනිසා මගේ කොට්ට දෙකත්
නිපුනී ගේ දෑලේ තබා, ඇය
උණුසුම් වන පිණිස රුකුල් කළෙමි.
හය හමාරට මට දැනුන
කුසගින්න දැන් නිවි ගොස් ය. ගතවූ කාලය සුළු නොවුනත් එම කාල පරාසය තුළ නින්දත් නොනින්දත් අතර
සිටින නිපුනි ළඟ මම නොසෙල්වී සිටියෙමි.
"නිපූ...පූ" මම සෙමෙන් ඇමතුවෙමි.
ඇය තදින් හුස්ම ගනී.
නමුත් කතා කළේ නැත.
මටද කෑමට අවශ්‍යතාවක් හෝ
ප්‍රියබවක් නැතත් කෑම පිඟාන කාමරයට ගෙන ආයුතුයයි මම තීරණය කළෙමි. අප දෙදෙනාගේම මීල් ටිකට් දෙකත්
ප්ලාස්ක් එකත් ගෙන සෙමෙන් දොර වසන්නට යන විටම නිපුනී යන්තම් හිස හරවා බැලුවාය.
"මට වතුර ටිකක් දෙන්න ".
බෝතලයෙන් වතුර ටිකක්
ජොග්ගුවට දමා ඇයට පෙව්වෙමි'
"ඔයාට පැනඩෝල් එකක් දෙන්නද?
"එපා. වතුර විතරක්"
"ඔයාගෙ ප්ලේට් එක අරන් එන්නං මං"
“එපා"යි කී ඇය අනික් ඇළයට හැරුණාය.
මම දොරේ යතුර කරකවා ඇද, කොරිඩෝව දිගේ පඩිපෙළ
බැස්සෙමි. පහත මාලයේ සිටි කෙල්ලන් කීපදෙනෙකු මා එනු දැක ගමන් බාල කළෙන් මමද ඔවුන්ට
එකතු වුණෙමි.
"කෝ නිපුනි? තාම දක්කනවද?" ස්වර්ණා ඇසුවාය.
"ඇඳේ. සුපුරුදු ලෙඩේ හැදිල."
"ආ...ආ! ඕක ලෙඩක් ය ”. අනුෂා මගෙ ලණුව ගිල්ලාය.
"මූ මනුස්ස දුවක්ය. ගල් පතයක්නෙ" ශ්‍රියා
අනුෂට ඔලොක්කු කළාය.
"අද ප්ලේට් දෙකම රූම් එකට අරන් යනව. ශ්‍රියා
මේ ප්ලාස්කෙකට උණු වතුර එකක් අරන් එන්න ආපහු එනකොට".
මම ශ්‍රියා පමණක්
කාමරයට ගෙන්වා ගැනීමට සැලැස්සුවෙමි.
අනතුරුව කවුන්‍ටරයට
මීල් ටිකට් දෙක දී කෑම පිඟන් දෙක අතට ගත්තෙමි.
“රූමට සනීප නෑ ටිකක් විතර. මම මේ ප්ලට් දෙක නොවරදවාම ගෙනත් දෙනව නන්දක්කේ, හෙට උදේ ටී වලට එනකොට
හොඳේ”.
කවුන්ටරයේ සිටි නන්දක්කට කීවෙමි.
"හොඳයි මිසී! " නන්දක්කා අනුමත කළාය.
මේ මිනිස්සුන්ට මනුස්ස කමෙන් කතා කළාම ඔය වගේ උදව්වක්වත් කර ගන්න පුළුවන්. නැත්නම් රූම්ස් වලට plates අරන් යන්න තහනම්නෙ.
මම කෑම පිඟන් දෙකම දෑතින් ගෙන කාමරය ළඟට ආවෙමි.

එක අතකට, පිඟන් දෙකම එක අතක රඳවා ගෙන දොර ඇරීම තරමක උභතෝකෝටික ප්‍රශ්නයක් විය. එකක් වමතේ ඇඟිලි වලින් අල්ලා ගෙන, අනික් පිඟාන බාහුවටත් මැණික් කටටුවටත් හිරකර, දකුණු අතින් යතුර දොරට යතුර දමා කරකවා දොර පයින් තල්ලු කළෙමි. ඉන් පසු පරිස්සමෙන් පිඟන් දෙක දෑතට මාරු කර විළුඹෙන් දොරවසා දැමුවෙමි.
මා කාමරයට එන විටත් නිපුණී නිදාගත්වනමය.
ඇය නොකා ඉඳිද්දී තනියම කන්නේ කොහොමද?
පිඟන් දෙකෙ මේස දෙක මත
තියන ගමන් "නිපුනි"යි කී මුත් ඇය සිටියේ නින්දෙන් යයි හැඟෙන විදියටය.
"නිපූ අපි දෙන්නම කෑම ටිකක් කමු"
නිපුනිගේ නළලට අත තියන
ගමන් කීවෙමි.
"ඔයා කන්න මේධා. මට බඩගිනි නෑ". නිපුනි
සෙමෙන් කෙඳිරුවාය.
" බඩගිනි නැති වෙන්නෙ කොහොමද? දැන් රෑ අටත් පහුවෙලා. නොකා නොබී ඉන්න එපා ".
“ඔයා කන්න මේධා. ඔයාට බඩගිනියි. ඔයා කන්න”.
මම ඇත්තම කීවෙමි.
“වෙනදා ඔයා හතට කෑම කන්නෙ. ඔයා කන්න. ප්ලීස්..."
නිපුනී මා මැනවින් දනියි. මම කෑම කන්නට තීරණය කළෙමි.
"මට ඔය වගේ දෙයක් වුණානම්, මමනං හොඳට කාලා බීලා තමයි ඊළඟට කරන්ට ඕන දේ
කල්පනා කරන්නෙ". හිත ඇතුළෙන් මටම කියාගතිමි.
එක අතකට ප්‍රේමයේ
වේදනාව දැනෙන්න්ට නං ප්‍රේම කරල තියෙන්ට එපාය.
විරහ වේදනාවෙන් පිස්සු
කෙළින හැටි
දැක්කම ප්‍රේම කෙරිල්ල එපාවෙනව.ප්‍රේමවන්තයෝ. ඉන්නෙ පරෙවි ජෝඩු වගේ. ඒ වුණාට පොඩ්ඩ බැරිවෙන කොට කපුටො වගේ කාකොටා වැටෙනව. මනුස්සයෝ දෙන්නෙකුට වත් එකාවන්ව ජීවත් වෙන්ට බැරි එකේ පවුලක්, ගමක්, පළාතක් එක්කාසු කරන්නේ කොහොමද? මනුස්සයෝ හැම වෙලාවෙම හිතන්නෙ බෙදෙන්ට මිස, සහයෝගයෙන් එකතු වෙන්ට නෙවෙයි නෙ. ඒක ඉතින් මනුස්ස හැසිරීම!
" ඔයාගෙ ප්ලේට් එක වහල තියනව
හොඳේ. හැබැයි මම නං දැන් කන්න ඕන". මම කෑම පිඟාන අතට ගතිමි. පිදේනිය ඉස්සරහ ඉන්න කපු රාළ වගේ සුවඳ අල්ල අල්ලා ඉන්න අමාරුයි!"
මම හැකි ඉක්මණින් කෑම
පිඟානම ඉවර කළෙමි. ඉන් පසු බාත්රූම් එකට ගොස් අත සෝදා දත් මැද මුහුණ කට සෝදාගෙන කෙටි shower එකක්ද ගෙන කාමරයට ආවෙමි. සීතල වතුරෙන්
ඇඟ පත සෝදා ගත්තට පසු අප්‍රමාණ ප්‍රබෝධයක් ගතට පමණක් නොව සිතටද දැනෙයි. ප්‍රේමයට සීතලය උත්තේජකයන් වෙනව වගේම සීතල වතුරෙන් නාගත්තම ඒකත් ප්‍රබෝධකයක් වගෙයි. පේරදෙණියේ
සීතලය කොහොමටත් ප්‍රසන්නය.
ඒ නිසා වෙන්න ඇති පේරාදෙණිය සරසවිය ප්‍රේමයේ පරාදීසයක් වෙලා තියෙන්නෙ. කලවයස හරි වෙලා මෙතෙන්ට ආවම ගෙදරවල් වලින්, ඉස්කෝල වලින් පනවලා තිබුණ තහංචි ඉබේම බිඳ වැටෙනව. ඉතින් ඇවිත් ටික දවසකින් ප්‍රේමවන්තයො. හිත් ඇතුළේ තෙරපාගෙන හිටපු තාරුණ්‍යයේ මහෝගය කඩා බිඳ ගෙන පිටාර ගලනව. හරියට වැවක හොරොව්ව ඇරිය වගේ. රළ පතරේ පීඩනය අඩුවෙනකොට තමයි තේරෙන්නෙ අවට ලෝකයක් තියෙනවා කියලා. නැත්නම් සැබෑ ලෝකයයි, විශ්ව විද්‍යාලයයි තුලනය කරන්න බැරිවෙයි කියලා.
මම බාත් රූම් එකෙන් එළියට ආවේ එහෙම හිතමිනි. කාමරය ළඟට එනකොටත් ශ්‍රියා වතුර පිරවු ප්ලාස්ක් එක අත'තිව දොර ළඟට වී සිටියාය. අපි දෙදෙනාම බාත් රූම් එකට යන්නට ඇතැයි ශ්‍රියා සිතන්නට ඇත. මම ප්ලාස්ක් එක එක් අතකින් ඩැහැ ගෙන Thank you! Goodnight! යයි කීවෙමි. ශ්‍රියා ආපසු හැරෙන්නට ඇත.මම දොර වසා යතුර කරකවා කාමරය තුළට වැදුනෙමි.
ඉන්පසු, තෙත තුවාය බැල්කනියේ දමා කාමරයට ඇවිත් කොන්ඩය පීරා කරල් දෙකක් ගොතන ගමන් මම සිතුවෙමි. එයා කාමරයට ආවේ, මං මූණ කට හෝදාගෙන ඇඳුමක් මාරු කරගෙන, මනුස්සයෙක් වෙන්ට හිතන කොටමය. මූණ හේදිල්ල දිග්ගැස්සිණි.
අද හවස භාතිය මුණගැසීමෙන් පසු මා තුළ අමුතු ප්‍රබෝධයක් ඇතිවී තිබේ. අවුරුදු තුනක් තිස්සේ හිතේ කොනක සැඟවී තිබුණ උණුසුම් හැඟීමක් අළු යට සැඟවී තිබූ ගිනි පුපුරක් මෙන් දිළිහෙන්නට පටන් ගෙන ඇත. අද මේ ගිනි පුපුර දැල්වෙන්නට හරිනවාද අළුයට සඟවනවාද යන්න ගැන නිපුණී සමඟ කතා කළ යුතුයයි මේ ගොම්මන් වෙලාවේ මම තීරණය කළෙමි. ඒත් මගේ හිතේ තියෙන ප්‍රබෝධය ප්‍රකාශ කිරීමට අදනං කොහොමටවත් ඉඩක් නැත.

සදා අමරණීය යයි සිතා
සිටි සොඳුරු ලෝකය බිඳ වැටීමෙන් වැළපෙන මිතුරිය වෙනුවෙන් මට කළ හැකි දෙයක් ඉතුරුව
ඇද්දැයි සොයා බැලිය යුතුය.
"අදනම් තුන්තිස් පැයේ පිරිතක් අහනවා වගේ නිපුනිගේ ප්‍රේම පුරාවෘතයට සවන් දීමට සූදානම් වියයුතුය". නිපුනිගේ ඇඳේ වාඩි වෙන ගමන් මම හිතුවෙමි.
"අදනම් තුන්තිස් පැයේ පිරිතක් අහනවා වගේ නිපුනිගේ ප්‍රේම පුරාවෘතයට සවන් දීමට සූදානම් වියයුතුය". නිපුනිගේ ඇඳේ වාඩි වෙන ගමන් මම හිතුවෙමි.
"ඉතින් මොකද වුණේ දැන්වත් කියන්න නිපූ"
මොහොතක් නිහඬව සිට
නිපුනී කටහඬ අවදිකළාය.
(නිපුණිගේ කතාව අහන්නට නැවත හමුවෙමු).
මල්ලිකා එම්. බණ්ඩාර
No comments:
Post a Comment