තිඹිරි
ගේ තුළදීම
කටකලියාව ලා, පතුල ලාඩම් ගසා
වැඩිහිටියෝ, මා අස්පයෙකු කළෝය.
කටකලියාව ලා, පතුල ලාඩම් ගසා
වැඩිහිටියෝ, මා අස්පයෙකු කළෝය.
සංස්කෘතිය, මා පයට විලංගුව දැමුවාය
ආගම, මා පෙට්ටියකට දමා වැසුවාය
Politics, මගෙ නැණස වර්ණාන්ධ කළේය
සමජය, බැංචියට නැඟ, මා විත්ති කූඩුවේ ලැව්වාය.
ගැහැණියක වියයුතු වියේදිත්
වැඩිවිය නොපත් දැරියකවූ මා ලවා,
යෝධ දරුවන් වදන තෙක්
තරු ගැණ නැකත් හදන්නට බලා සිටියාය.
ඉතින්, මම යනු:
නිදහස්ව ඉපදුන මුත්
සිරකරුවෙකුටත් අන්ත දුක් වළඳා
අන්ධයෙකුසේ මියදීමට නියමිත,
ලොව සොඳුරු බව නොවිඳි
පියාපත් බිඳ දැමූ කිරිල්ලකි.
ආගම, මා පෙට්ටියකට දමා වැසුවාය
Politics, මගෙ නැණස වර්ණාන්ධ කළේය
සමජය, බැංචියට නැඟ, මා විත්ති කූඩුවේ ලැව්වාය.
ගැහැණියක වියයුතු වියේදිත්
වැඩිවිය නොපත් දැරියකවූ මා ලවා,
යෝධ දරුවන් වදන තෙක්
තරු ගැණ නැකත් හදන්නට බලා සිටියාය.
ඉතින්, මම යනු:
නිදහස්ව ඉපදුන මුත්
සිරකරුවෙකුටත් අන්ත දුක් වළඳා
අන්ධයෙකුසේ මියදීමට නියමිත,
ලොව සොඳුරු බව නොවිඳි
පියාපත් බිඳ දැමූ කිරිල්ලකි.
No comments:
Post a Comment