"ලෝක ළමා දිනය සමරමු!"
සසල කර නිසල දිය මත ඇඳුන මගෙ මූණ
වළාකුළු බැම්ම ළඟ කෙළිති කිරි ඉබිරෑන
අදින් පසු හෙටක් ගැන නැති මියුරු සුබ සීන
කොයිතරම් පිවිතුරුද මගෙ නුවන් යුග මීන?
කුමක්දැයි නොදනිතත් තිබිය යුතුයැයි හඟින
යමක් ගිළිහී තිබුණි උපතින්ම මට උරුම
තෙරපුණත් රළ පතර සේ හිතේ වැළපීම
ජීවිතය සොඳුරුයයි සිතුනි මට හැමදාම
ඇවිද ගෙන හුදකලා නුවර රජ වීදියේ
පතා ගිලිහුන දෙයම හඹා යන දස අතේ
ආදරය, ළමාවිය අහිමි වුණ මිහිමතේ
මමද එක දියණියක වෙමි රැඳුන මාවතේ
මල්ලිකා
එම් බණ්ඩාර
26.09.
2017
No comments:
Post a Comment