ලොකු අක්කා කොළඹ විශ්ව විද්‍යාලයට තේරුන පසු තාත්තාගේ බීමත්කම මදක් අඩුවී ගිය අතර, ගෙදර අපූරු සාමකාමී බවක් නිර්මාණය වන බව පෙනෙන්නට තිබිණි.
ලොකු අක්කාගෙන් හිස්වූ ආධිපත්‍යය පුංචි අක්කා විසින් නිතැතින්ම අත්පත් කරගනු ලැබිණි.
ඊට සමගාමීව පුංචි අක්කාත් මාත් අතර සබඳතාව සමීපවූ අතර එය මිත්‍රශීලී ළබැදි
සහොදරත්ත්වයකින් යුතු විණැයි සිතමි.
පුංචි අක්කා ගිය මධ්‍ය මහා විද්‍යාලයට
මා ඇතුළත් වූයේ මේ වකවානුවේදීය. මධ්‍ය මහා විද්‍යාලය
මගේ ජීවිතයේ බොහෝදේ වෙනස් කරන ලදී. අළුත් පරිසරයේදී මගේ ලෝකය පුළුල් වෙන්නටත්, විසිතුරු වෙන්නටත්
පටන් ගැනිණි. විසඳිය නොහැකි සමීකරණයක් මෙන් ජීවිතය, මගේ හිත ඉදිරියේ දිගාවී ඇති සෙයක් මට
දැනෙන්නට විය. එහි සන්ධිස්ථාන, මාර්ග සලකුණු ගණනාවක් පසුකර යන්නට මා දැරූ වෙහෙස, ජීවිතය පිළිබඳ හසරක් නොදත් නව යොවුන් යුවතියකගේ කදුළු හසරැල් අතර තුනීවී යන්නට ඇතැයි මම සිතමි. සිදුවූ සෑම සිද්ධියකටම එක හා සමාන විටිනාකමක් නැතත්, එවන් බොහෝ සිදුවීම් අතරින් මගේ මතකයේ ඉස්මත්තෙන්ම සිටින්නේ, මගේ ජීවිතයේ ඉරණම් සාධකයය තීරණය කළ ඒ යුගය පිළිබඳ පශ්චාත්තාපය යයි මම
හඟිමි.
මුලින්ම පුංචි අක්කා
ජනක මට හඳුන්වා දුන්නේ එලෙසිනි.
"අපෝ මං දැකල තියෙනව
ඕන තරම්".
“කොහෙදිද අප්පා ඒ?
ජනක ඇසුවේ මහත් උද්‍යෝගයෙනි.
“බස් හොල්ට් එකේ ඉන්නකොට. ඔයා අර පාමසි එක ළඟ ඉන්නවා
හැම උදේකම... නෙ?
‘සලිලා බලන්නකො ඔයාගෙ නංගිත් මාව අඳුනනවනෙ”.
ජනක පුංචි අක්කා දෙස
අමුතු විදියට බලමින් එසේ කීවා යයි මට ඒ වෙලාවේ හිතුණ.
“එයා එයා ගිය අවුරුද්දෙ ඉඳලනෙ අපේ ඉස්කෝලෙට එන්නෙ. දැකල ඇති ඒත් ඔයාව දන්නෙ නෑ”.
පුංචි අක්කා මා
අපහසුතාවකට පත්වෙතැයි සිතුවා විය හැකිය. මම එසේ සිතන්නට මහන්සි ගත්තෙමි. ඉන් පසු කතාවකින්
තොරවම අක්කාත්, ජනකත් බස් නැවතුම ඉදිරිපිට කූල් ස්පොට් එක දිහාට ගියේ
පුරුද්දක් විදියටයයි මට නීකමට සිතුනි. මමද ඔවුන් පිටුපසින්
ගොස් කූල් ස්පොට් එකට ඇතුල්වුනෙමි.
"අද අපි නංගි
කෙනෙකුත් එක්ක ආව". ජනක තරුණ කැෂියර්ට මා පෙන්වමින් කීවේය.
"මං හිතුව හරි! මේ
දෙන්නා වෙනදත් මෙතෙන්ට එනව ඇති. "
අද අපි නංගි කෙනෙක් එක්ක ආව" කීව එකේ තේරුම කෙමෙන් මගේ සිත තුළට කාවැදෙන්නට විය. මගේ හිතට ගොඩවුණ සැකය සාධාරණීකරණය කරන්නට තතනන හිත අස්වසාලන්නට මට අවශ්‍ය විය. ඒ අනුව වෙනසක් නොසිදුවූ අයුරින් සිටින්නට මම හැකිතාක් මහන්සි ගතිමි.
අද අපි නංගි කෙනෙක් එක්ක ආව" කීව එකේ තේරුම කෙමෙන් මගේ සිත තුළට කාවැදෙන්නට විය. මගේ හිතට ගොඩවුණ සැකය සාධාරණීකරණය කරන්නට තතනන හිත අස්වසාලන්නට මට අවශ්‍ය විය. ඒ අනුව වෙනසක් නොසිදුවූ අයුරින් සිටින්නට මම හැකිතාක් මහන්සි ගතිමි.
"මොනවද බොන්නෙ? ජනක අක්කගෙන්
ඇසුවේය.
"නෙල්ලි "
අක්කා පිළිතුරු
දුන්නේ කිසියම් ළයාන්විත බවකිනි. එහි ඇති අමුතු ලතාව නිසා ජානක අක්කගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ද? කියල මට හිතුණ.
"නංගිට?"
ජනක මදෙස හැරී
ඇසුවේය.
"එයාටත් නෙල්ලි හොඳයි"
පුංචි අක්කා ක්‍ෂ්ණිකව
මා වෙනුවෙන් පෙනී සිටියාය.
“ඔයාල දෙන්නගෙම ටේස්ට් එක එකක්ද?
ජනක සිනාසෙමින් කී
මුත් අක්කා ඊට සිනාසුනේ නැත.
“නෙල්ලි වීදුරුව අමුර්තයක් වගෙ මේ වෙලාවට".
ජනක අක්කා දෙස බලමින් ඇසක් ඉඟි කළේය. මම එය නුදුටුවාක් මෙන් ඉවත බලා ගතිමි.
ජනක අක්කා දෙස බලමින් ඇසක් ඉඟි කළේය. මම එය නුදුටුවාක් මෙන් ඉවත බලා ගතිමි.
අප එහි නැවතී සිටියේ
විනාඩි ගණනක් වුවත් අප අතර වචන කීපයක් හුවමාරු වුණ බව යන්තම් මතකය. මා
පිළිබඳ විස්තර කීවේ අක්කා විසිනි. ඒවා බොහොමයක් අර්ධ සත්‍ය බවත් ජනක නොමඟ යවන සුළු
තොරතුරු බවත් මට හැඟුනි.
පුංචි අක්කා විසින් කී දේවල් අසා සිටි මට, ජනක ඉදිරියේ අපේ පවුල පිළිබඳ ඈ වැරැදි චිත්‍රයක් අඳින්නේයයි සිතෙන්නට විය. ඒ ඇයිදැයි මට සිතාගත නොහැකිවිය. කෙසේ වුවද, පුංචි අක්කා ජනකට සමීපව සිහින් හඬින් කොඳුරනු දුටුවනම මගේ සිත දහසකුත් එකක් ප්‍රශ්න අතර අතරමංවෙන්නට විය.
පුංචි අක්කා විසින් කී දේවල් අසා සිටි මට, ජනක ඉදිරියේ අපේ පවුල පිළිබඳ ඈ වැරැදි චිත්‍රයක් අඳින්නේයයි සිතෙන්නට විය. ඒ ඇයිදැයි මට සිතාගත නොහැකිවිය. කෙසේ වුවද, පුංචි අක්කා ජනකට සමීපව සිහින් හඬින් කොඳුරනු දුටුවනම මගේ සිත දහසකුත් එකක් ප්‍රශ්න අතර අතරමංවෙන්නට විය.
මුලින්ම, මා තුළ තරහක් වැනි කිසියම් සිතුවිල්ලක් පහල
වෙනු මට දැනුණි. පුංචිඅක්කා මෙච්චර දවස් හොර පූසා වගේ හිටියට අපිට නොදැනෙන්නට ජානක
සමඟ සමීප සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බව තහවුරු වෙමින් පවතී. වෙනත් විවිධ පුද්ගලයින් පිළිබඳව ඉඳහිට මහත් උද්‍යෝගයෙන් ඈ කතා කරනු මා අසා ඇතත් ඒ අතර ජනක ගැනනම් කියවුණේම නැති බව මට සහතිකය. ඒ අතර පුස්තකාලයේ ලයිබ්‍රේරියන්, නගර සභාවේ සහ AGA office එකේ ලිපිකරුවන්, පොලීසියේ අයියලා නම් සිටි බව මට මතකය. මා හිතුවේ ඔවුන් ඈ ගැන උනන්දු වෙන පුද්ගලයින් ලෙසය.
පුංචිඅක්කාත් මාත්
බසයට නඟිනතුරු බස් නැවතුමේ සිටි ජනක, පාර පැන පාමසියට යන දෙස පුංචිඅක්කා බස් එකේ
වීදුරු කව්ළුව තුළින් බලා සිටියාය. මම හොරැහින් පුංචිඅක්කා දෙස බලා සිටියෙමි.
බසයෙන් බැස ගෙදර යනතුරු මට ඉස්පාසු නැත. බස් හෝල්ට් එකේ ඉඳලත් ගෙදරට ඇති සැතපුම්
කාලක තරම් දුර ඇවිද ගෙන ආව නමුත් කතාවකට මුල පිරීමට තරම් දිරිදීමක් පුංචි අක්කාගෙන්
නොලැබිණි. අප දෙදෙනාම ගොළුවන්සේ ගෙට ගොඩවීමු. මගේ හිත යමක් ග්‍රහණය කළ බව
පැහැදිළිය. අක්කාගෙන් ඇසිය යුතුදේ නිශ්චිත නොවුණත් තරමක අසීරු ප්‍රශ්ණයක් මා හිත
තුළ තෙරැපෙමින් පැවැති බව නම් සහතිකය. නිමක් නැති තර්ක වලට
ප්‍රතිතර්ක ඉදිරිපත් කරමින් කිසියම් නිගමනයකට බැසීමට අපෝසත්ව සුදුසු වේලාවක්
එනතුරු මම බලා සිටිය යුතුව ඇත.
ගෙදරදී නම් අපිට
තනිපංගලමේ කතා කිරීම තරමක් අසීරුය. නංගී ඉදිකට්ට පස්සෙන් ඇදෙන නූල් පට වාගෙ
ඉස්කෝලේ ඉඳල ආව වෙලාවේ හිට මගෙ පස්සෙන් වැටිච්ච ගමන්මය. කණිෂ්ඨ බාලිකාවට යන නංගී අපි ගෙදර යන විටත් පැමිණ සිටියාය. ඇයගේ
සුපුරුදු දින චරියාව අදද එසේම පැවතීම ගැන මම නොසන්සුන් වීමි. නංගී මඟ හැර, පුංචි අක්කා සමඟ තනිවීමේ ඕනෑකමක් මගේ හිතේ තෙරපෙන්නට විය.
“මොකද ඔයා මං පස්සෙන් එන්නෙ හරියට මුරකාරය වගෙ?
වරක් මම නංගිගෙන්
ඇසුවෙමි.
“ඉතින් මොකද ආවම?”
“ටිකක් නිදහසේ හුස්ම ගන්ටවත් මට විදියක් නෑනෙ”.
ඉතින් හුස්ම ගන්ටකො.
මොකද මං නහය ළඟින් අල්ලගෙන ඉන්නවය?
“ඔයාට වෙන මොකවත්ම නැද්ද කරන්ට? “
"ඔයා මොකක් හරි හොර වැඩක් කරන්ට හදනව
ඇති".
නංගී මගේ නොරිස්සුම
තේරුම් ගත්තා යයි මට සිතුණි.
"අයියෝ මට කරදරයක් ඒක".
මම නුරුස්නා හඬීන් කීවෙමි.
"ඔහොමයි පොඩි එකීට කතා කරන්නෙ නේද ?”
අම්මා මා දෙස හැරී
බැලුවාය.
මට අවශ්‍ය වුයේ නංඟී මඟ හැර, පුංචි අක්කා ගැන මගේ හිත තුළ නිදන්
ගතවූ සැකය දුරු කර ගැනීමය. එකෙනෙහිම නංඟී ගැන දුක හිතුන බැවින් මම නංගී ළඟ හිඳ ගතිමි.
පුංචි අක්කා එක්ක තනි පංගලමේ කතා කළ හැකි සුදුසුම තැන පිහිල්ල ළඟ බව මට සිතුණි. ඉස්කෝලෙට ඇඳපු ගවුම සේදීය යුතුය. පුංචි අක්කත් මමත් ඇඳුම් සෝදා නාන්නේ එකම වෙලාවටය. නංගි මඟහැර අපිට තනිවිය හැකි වෙන්නේ එවිටය. මගේ නොඉවසිල්ල මටම දරාගත නොහැකි තරම්ය. දවලේ අපට ජනක හමුවීම මගේ හිත තුළ නිබඳ හොල්මන් කරනු මට දැනුණි. නැවත නැවතත් එකම සිතුවිල්ල මගේ හිත් මුදුනේම මොදුවී තිබෙයි.
"අනික් අතටමම මේ තරම් කලබල වෙන්නේ මොකටද? මම මගෙන්ම අසමි.
“පුංචි අක්කා, ජනක අයියා ඔයාගෙ යාළුවෙක්ද?
අවසන, හිත යට කරණම් ගහමින් හිටිය ප්‍රශ්නය අක්කාගෙන් මම ඇසුවෙමි.
“ඇති යාළුකමක් නෑ. ඒ වුණාට අඳුනනවා”.
“ඒ කියන්නෙ, අඳුනන හින්දා යාලුවෙක්?”
"යාළුවෙක් කියන්නෙ, යන එන කොට දකින හින්ද කතා කරනවා. එච්චරයි'.
පුංචි අක්කා සරල
උත්තරයක් දෙන්නට උත්සාහ කළත් මම එයින් සෑහීමකට පත් නොවීමි.
"එහෙනං කූල් ස්පොට් එකට ගිහින් අපිට එක එක
ජාති අරන් දෙන්නෙ?
" රස්සාවක් කරනවා. සල්ලි තියෙනවා. වියදම්
කරන්ට පුළුවන් නං, තිබහට ඩ්‍රින්ක් එකක් අරන් දුන්නට පව් සිද්ද වෙනවයැ".
"ආඃ එහෙමද? මං හිතුව මේ..."
"මොකද්ද හිතුවෙ?
අක්කාගෙ සිත
තිගැස්සිනැයි මට සිතුනි.
"නෑ. නෑ…මොකුත් නෑ".
අක්කාගේ දෑස්වල යමක්
සඟවන්නට ගන්නා සියුම් උත්සාහයක් සටහන්ව ඇතැයි මට සිතුණි.
ඉන් පසු අක්කා නාගෙන ඉවර වෙනතුරු මම කන්දට මූණලා ගල මත හිඳ ගතිමි. බැසයන ඉර එළිය වැටී ඇති ගල තවමත් උණුසුම් ය. නෑමෙන් පසු දැනෙන නැවුම් බවත් ගල මත රැඳුන මද උණුසුමත් ගත සිතට අපූරු සුවයක් දනවයි. හඳුරුක්කන්දෙන් එහා පැත්තට පැන සැඟවෙන්නට ආසන්න හැන්දෑ හිරු මඬල සෞම්‍ය බවකින් යුක්තය. කඳු මුඳුනට ඉහලින් ලා රත් පැහැය තැවරුන අහස පසුබිම් කරගත් දර්ශනය මනස්කාත්තය. ගමේ එක් කෙලවරක සිට අනික් කෙලවර දක්වා සැතපුම් තුනක් පමණ දුරක්දිගාවී ඇති කඳු වැටිය ගමේ අනන්‍යතාවට මහේශාක්‍ය පෙනුමක් එකතු කර ඇත. සියවස් ගණනාවක ගමේ ඉතිහාසය යනු මේ කඳු වැටිය විසින් හදා වඩා පෝෂණය කරන ලද්දක් නේදැයි සිතන විට සියුම් ආඩම්බරක් දැනෙයි.
"මොකද භාවනා කරනවද ගල උඩ ඉඳගෙන?" පුංචි අක්කාගේ හඬට මම හැරී බැලුවෙමි
අක්කා හනි හනික නා
ඉවර කළ පාටය. ඒකත් ටිකක් අසාමාන්‍යයි.
"මම අනවශ්‍ය විදියට පුංචි අක්කා ගැන සැක කරනවාද" කියලත් මට
හිතුණා.
" මේ චූටී, අරක ගැන ලොක්කිට එහෙම කියන්ට එපා හරිද".
අක්කා මා දෙස බලාගෙන කීවාය.
“මොකක් ගැනද?”
“අපි ජනකත් එක්ක කූල් ස්පොට් ගියා කියල"
"ඉතින්! ඇති දේකුත් නැතිලු. කියන්ටත් එපාලු. පුංචි
අක්කා, මං දන්නව මොකක් හරි හොරයක් තියෙනව".
මම පුංචි අක්කාගේ
මුහුණ දෙස බලාගෙනම කීවෙමි.
“අනේ මේ පද හදන්නෙ නැතුව ඉන්ට"
අක්කාගේ හඬ බැරෑරුම්
බවක් දැනවූ බැවින් මම ඉන් පසු නිහඬවී ජනක, පුංචි අක්කාගේ සාමාන්‍ය මිතුරෙක් යයි
සිතන්නට පෙළඹුණෙමි.
ඉන්පසු අපි ජනක ගැන
කතා නොකළෙමු. සමහර විට ඉස්කෝලෙට යන අතර මඟදී අක්කාට ජනක හමුවෙන්නට ඇත. උදේ අපි
ඉස්කෝලේ යනවිට ඇතැම් දවසක පාමසිය ඉදිරිපිට ජනක සිනා මුසුව මා දෙස බලා සිටියේය. මමද සිනා මුසුව පිය මැන්නෙමි.
බොහෝවිට මම තරමක්
කලින් ඉස්කෝලෙට යන්නට පිටත් වීමි. පුංචි අක්කා ගියේ තරමක් ප්‍රමාදවය. ඒ ඇය සමහර
දවස් වලට මැදියම් රැය වනතුරුම පාඩම් කරමින් සිට අවදිවන්නේ මදක් ප්‍රමාදව නිසාය. සමහර විට දිනපතාම ජානකත් පුංචි අක්කාත් මුණ ගැහෙන්නට ඇතත් ඇය මා සමඟ කිසිවක්
කීවේවත්, මම ජානක පිළිබඳව අක්කාගෙන් ඇසුවේවත් නැත. මට ඔවුන් ගැන උනන්දුවක්
නැති බව අඟවන්නට ඕනෑවිය.
(තව කොටසක් ළඟදීම...)
No comments:
Post a Comment