නර කෙසක් දුටු මනත
කළ වයස මනින පෙර නිමිති දැක
යාන්තං ජීවිතය පටන් ගන්නට හිතා
බෝ මළුව පසෙක හිඳ
ඇදිළි බැඳ පසඟ පිහිටවා වැඳ
තුටු පහටු වී අපිම
මියෙන තුරු සෙවනැල්ල වී ඉන්න
අතින් අත ගෙන ගිවිස
ගිමන් හැර උයන් දොර
මහ මළුව පෙනෙන දුර
කෙසෙල් කොළයේ ඔතා
ගෙනා මහ පාන්දර
ලුණු මිරිස සමඟ හීලට හැදූ
කැකුළු බත ලිහාගත්තා පමණි
පොලෝසිය කඩා පැන
දෙනෝදාහක් දෙනා ඉදිරිපිට
දක්කාන ගියා අපි දෙදෙනාම
දක්කාන ගියා අපි දෙදෙනාම
"අයාලේ ගියැයි" චෝදනා කොට.
.
මල්ලිකා එම් බණ්ඩාර
26. 09. 2017
මල්ලිකා එම් බණ්ඩාර
26. 09. 2017
No comments:
Post a Comment