පවුරක් බිම වැටී රුපු දළ
සිඳපු පෙර
වරපට සිඳී දෑ කුල ගොත්
අවදිකර
බිඳුනේ හොඳ හිතයි පෑහිය නොහැකි යුර
බාසුරු අගුළුදා ඇත හිරු නඟින දොර
හැදුනේ ළබැඳිකම්
ගම් බිම් එකතු කර
රැඳුනේ එකම හෙවනක යුගයකට පෙර
මාපිය සුතනඹුන් වරිගෙන් තුරන් කර
හිඳුනේ මිනිස්කම යුද ගිනි වැදුන වර
තවලම් පොලේ වස් දඬුවේ ගී රාවේ
කඳු සිරසේ නද දුන් කඩුගන්නාවේ
අම්බලමේ කවි කියමින් හැන්ඳෑවේ
තුන් නිඹුලුන්ව අපි මල් පැණි තොලගෑවේ
දැහැනට බැද තබන නවගුණ
වැල සේම
ගජමුතු වැල කැඩුණි කුල ගොත් අතරේම
ගිළිහී වැටෙනු දැක සූකර කැළසේම
පාගා දැමිණි ගඳ කළලෙහි පතුළේම
සෙංකඩගල නුවර පසතුරු
වැයෙන සඳ
අල්ලා දෙවිඳු නමදින විට
ඇදිලි බැඳ
තල්වැට මායිමේ කෝවිල් සුවඳ විඳ
ඔරසන් කියු අපෙ ඉරණම
කොතැනකද?
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment