Thursday, 17 May 2018

සුභ මොහොත​

පහර පිට පහර දෙන​
කස පහර වැදෙන්නේ
ගතට නම් ඉවසාවි  
සැතින් සහිනා සිතට​
ඉවසන්ට හැකිවේද​ කෙලෙස නම්?

හලාහල විස පොවා
කඩු කිණිසි තුඩු යවා
සිදුරු තව් හදන්නේ හිතේනම්
මී බිඳක තවරලා කියූ බස්
තවත් නම් අදහාද කෙලෙස නම්?

පතුල් සැස ලුණුදමා
බොරළු මත පාතබා
අණට ගරු සරු ඇතුව​
ඇවිද යායුතුමනම්

මල් පියළි බුමුතුරුණු
පාට දේදුනු රැඳුනු
සැඳෑ සිහිනෙන් මිදී
පියෙවි ලොව ඇවිදින්ට
මේ සුභම මංගල්‍ය කාලයයි​

නැඟී සිට දෙපා මත​
නිදහසේ පළස මත​
ඇවිද යන්නට යෙදුන​
මේ සැබෑ මංගල්‍ය කාලයයි

මල්ලිකා එම් බණ්ඩාර​


17. 05. 2018



No comments:

Post a Comment