හිඳුන ගං දෑලේ ඉඳන්
යදිනවුන් දැක දිය පොදක්
සයුරු තෙර දෙස දෙනෙත දල්ලා
ඉවුරු දෑලම හිනහුණා
එගොඩ මෙන් මෙගොඩද අහිමි කල
පවස නිව්වේ කෙලෙස කරදිය?
පියාපත් නැති කුඩමසෙකුසේ
පාළු අහසට දෑත් දිගුකර
හිඳිමි සුළි සුළඟක් හමන තුරු
පියාපත් නැති දුක දරාගෙන
වළාපත් කඩ පළා ඇවිදින්
සඳ මුහුණ මත ඉහුණ පිණිකැට
නොදුරු දිනයක පිස දමන්නට
හාස්කමකින් පහලවන තුරු
මගේ ගැලවුම්කාරයා
මල්ලිකා එම් බණ්ඩාර
15. 05. 2018
15. 05. 2018
No comments:
Post a Comment