අතීතය මෙන් අනාගතයද
අත නොපෝනා දුරය ඇත්තේ
දමා යන්නට නොහැකි කිසිවක්
නොමැත මේ මිහි මඬල මත්තේ
ගලා එන ළය පතුළ කොනහා
සොවින් සමුගන්නට කලින් අපි
හඬා වැළපෙනු
කුමට හැපි හැපි
ජීවිතය මේ මොහොත පමණෙකි
එයම අබිරහසකි
සදාතන
විඳීමක් නැති තැනක කිකලද
බැඳීමක් නැතිනම් රිදීමක්
රැඳීමක් ගැන සිහින කුමටද
රැඳීමක් ගැන සිහින කුමටද
දැනේනම් ලද බව මිදීමක්
වියා ගත් පන්නම් රටා ලා
ඉරා කඩමලු වලට සිහිනය
එලා ඒ මතා වැතිර ගනු ඇත
නිමා වනවිට ලොව හිඳීමත්
මල්ලිකා එම් බණ්ඩාර
07. 05.
2018
No comments:
Post a Comment