සඳ කැළුම් ගලයි තරු තලා මතින්
මද සුළං හමයි නුදුරු ගං තෙරින්
නිහඬ බව බිඳෙයි රැහැයි ගී නදින්
තනිව ඉකිබිඳියි කෙවිල්ලක හෙමින්
නෙතු පුරා පිපෙයි රත් පියුම් තලා
කොද කැකුළු සිනා මුවග මැළවෙලා
පිනි පොදක් මිදී කොපුල මත ගලා
ගීතයක අඩක් හිඳී ගොළුවෙලා
නුඹ නමින් සැදූ සිහින විජිතයේ
සටහනක් තියා සමරු පලකයේ
දොර අගුළු ලවා පිට වෙලා ගියේ
සිර කරන්නදෝ මියුරු මතකයේ
මල්ලිකා එම් බණ්ඩාර
24. 05. 2018
No comments:
Post a Comment