Thursday, 24 May 2018

අකල් වැහි

උණපත් සලා  මල් මාවතේ
ඉකිලන සුළං සමඟ පොරබදන​ 
සල රුවක් සේ ඇඳී මැකී යන
නුඹේ රුව දකිමි 
මා අසල නිති ගැවසුන​ 

ළවැලි තල සනහනා 
රිදී දිය බොර වෙලා
සැඩ පහර ගං දෑල බිඳගෙන​
වියරුව ගලයි ඉසිඹුවක් බලා

වැසි දිය සමඟ මොර සූරනා
තෙත බරිත මිහිතලය මත             
වැතිර අකලට මියැදෙනා
රමල් සුවඳ සිත පාරනා

හසරැල් මැකී ගිය සෙනෙහසේ 
පිළිසරණ නැතියෙන් හුදකලා
වන පෙතක මං පෙත් වැරැදිලා 
මැදියම් රැයේ ​අසරණ වෙලා 
මඟ කියන්නට පහන් තරුවක්
එතැයි නොහඟිමි  පායලා

මල්ලිකා එම් බණ්ඩාර​

26. 03. 2018



No comments:

Post a Comment