Thursday, 24 May 2018

අකල් වැහි

උණපත් සලා  මල් මාවතේ
ඉකිලන සුළං සමඟ පොරබදන​ 
සල රුවක් සේ ඇඳී මැකී යන
නුඹේ රුව දකිමි 
මා අසල නිති ගැවසුන​ 

ළවැලි තල සනහනා 
රිදී දිය බොර වෙලා
සැඩ පහර ගං දෑල බිඳගෙන​
වියරුව ගලයි ඉසිඹුවක් බලා

වැසි දිය සමඟ මොර සූරනා
තෙත බරිත මිහිතලය මත             
වැතිර අකලට මියැදෙනා
​පරමල් සුවඳ සිත පාරනා

හසරැල් මැකී ගිය සෙනෙහසේ 
පිළිසරණ නැතියෙන් හුදකලා
වන පෙතක මං පෙත් වැරැදිලා 
මැදියම් රැයේ ​අසරණ වෙලා 
මඟ කියන්නට පහන් තරුවක්
එතැයි නොහඟිමි  පායලා

මල්ලිකා එම් බණ්ඩාර​

26. 03. 2018



No comments:

Post a Comment