සද්ද විද්ද පතඟ පතිර ඇදි දුන්න විදිතිලක
භීතසිංහ සිංහප්‍රතාප
රංගේ බණ්ඩාර වන්නිනායකලාගේ
පැළන්තියෙන් හිර අරගෙන,
පැළන්තියෙන් හිර අරගෙන,
වැව අද්දර දියබෙත්මේ
අටවගත්ත පැල් කොටේක
අව්වැල්ලට වැහි ඇල්ලට
මුවාවෙලා කලගෙවන්ට
පැඟිරි වියේ අපි දෙන්නා
එකතැන්වූ දොහේ හිටං
පූදින කුරහන් හේනේ
බත බුලතින් සරිකරවා
හත්පොලේක දරුපල ලැබ
අපි යහමින් උන්නා
සිල්ප සතර හුරුවුණාම
කර දඬු උස් වුණ දරුවෝ
කලින් කලට එකා දෙන්න
දන් දුන්නත් ලෝ
සිරිතට සරණේ බන්දාලා
මිදෙල්ල වැටියෙන් පැනලා
වෑකණ්ඩිය පහු කරගෙන
දෙවට දිගේ උන් ඒදැයි
දෑස අහනවා
බෙලෙක් පිඟන් හත තවමත්
කුස්සියෙ අහුරාලා
හූල්ලන්න සිද්දවුණේ
තනිකම ඉවසාලා
යමන්! කීව ගමන් ආව
සනුහරේම දාලා
කිරිමැණිකෙත් යන්න
ගියෙන් ළෙහි ගිනි මොලවාලා
එවුන්දෑට සමුදුන්නේ
දුක් කඳ උහුලාලා
ඉරණම කළ ඔච්චමක්ද
කළකම් පලදීලා
උදැනැක්කෙම පින්න
රැඳුන ගෙමිදුල අතුගාලා
ඒ ඇත්තිගෙ සොහොන්
කොතේ වැකි පෙළ කියවාලා
තණපත් මත දෑත තියා දූවිලි
පිහදාලා
පාලු ගෙපැල බිතක්කනේ
කෙලවර ඇනබාලා
වෑකණ්ඩිය බොඳ වෙනතුරු
ඇහිපිය නොගසාලා
ඇඟිළි හතට නම් දෙනවා අගමුල ගලපාලා
ඇඟිළි හතට නම් දෙනවා අගමුල ගලපාලා
මල්ලිකා එම්
බණ්ඩාර
04. 04. 2018
No comments:
Post a Comment