හස්තිශෛලපුර රජ දහනෙහි ධීර
බුවනෙකබා පුතුන් වත්හිමි බණ්ඩාර
එකලාවම ගලෙන් පෙරලා ලන ආර
මතුළා මැති ඇමති යතිඳුන් අවිචාර!
මිහිදන් කර කුමරු ඉදිකළ දේවාලේ
පේකර රත් හඳුන් දෙව් රුව රෑකාලේ
අනුහස් දකින්නට වත්හිමි ජපමාලේ
කෙම්මුරදා වඩම්මාපන් කපුරාළේ
යකු සේ ඇවිත් ඇතුගල්පුර දනව්වට
වාඩුව ගත්තාලු පාඩුව මකන්නට
ඉතිහාසයක් ඩෝසර කළ හිලව්වට
අච්චුව දෙයි ගලේදෙවි වැඩ සංහිඳට
සංහිඳියාව රැක ගන්නට මව් දෙරණේ
උගනිව් ජාතියේ ඉතිහාසයෙ වරුණේ
රජවරු කුමට නොරකින ජාතික උරුමේ
උන් බොහොඬුන්ය ගෙල රන් බැඳි ලක් තොරණේ
කොතෙකුත් සුරා, අඹු සොඬ නිරිඳුන් වීද
ඇතොරේ යොනුන් ගේ වරිගේ තැකුවාද
ආගම ජාති කුල ගොත් ගැන බැලුවාද
ඇයි හත්වළාමේ අපි මහසම්මතද?
සෙංකඩගල පුරත් ඩෝසරයක් යාද
අයියෝ! කවිකාර මඩුවත් බේරේද
රජ මැති එන පාට නං හරි නැතුවාද
ලබ්බට තිබ්බ අත පුහුලට නොතියාද?
මල්ලිකා එම් බණ්ඩාර
31.07. 2020