Sunday, 19 July 2020

කිරුළු සාදන්නෝ












ලෙන් දොර බිඳ දමා ඔද තෙද පා සිහබා
අන් සතු  කළෝ අටුවේ කහවණු කොටහා
මංගල නැකතකින් උහු ගිය සඳ පියඹා 
රැකදුනි චෝර පෙළපත  යහතින් ගජබා

ගිනි කන සොයුරු පරපුරකට අභිමාන
පඩිපත කිරන රෙදි කඩකින් බැඳ මූණ
මළකඩ බැඳුණ අසිපත අපිටම පාන
නුඹ පිවිතුරුද ලඳසළෙළුන් ළඟ දීන​?

මරියා නොසිඳ ගත් ඇගෙ කොඳු ඇට රෑන
"මහතුනි මමයි ගල් ගැහුවේකීවාම ​ 
පිරිමින් "සුරුස්"ගා සැඟවී  එවෙලේම
පාවා දුනි සටන සිරිතට​ හැමදාම

මහ පෙරහැරින් හිඳුවා කර මත දෝලා 
හොර මුල එතෙර කර මඬමේ රඳවාලා
සුඛ විහරණ ගන්ට​ ​  රස මසවුළු කාලා
රට කහවනු ගෙනෙව් අඹු උකසට දීලා!

දසකම හතක් බොරු බේගල් ඇද බෑවා
දෙවියන් බුදුන් විකුණා රට ගිනි ලෑවා
කොළපත අරන් නොරටුන්ටම අත පෑවා
උන් රජ කරපු නුඹලා හිඟමන​ ගාවා ​ ​

ගන්නොරුදන්තුරේ සටනට ලද ගැම්ම 
ගිළිහී ගිහින් ජාතික සෝයුරු නැම්ම
සී සී කඩව දූ දරු මාපිය බැම්ම
යතිවරු පිළිම විණි දැය වැනසෙන​ කම්ම

මල්ලිකා එම් බණ්ඩාර

19. 07. 2020




No comments:

Post a Comment