Wednesday, 15 July 2020

නවාතැන්පොළ



පුංචි කාලේ මුවැත්තියසේ
පැංචී හරි අවිහිංසකයි
යොවුන් සමනල මල් වියේ
නෑඹුල් මලක් සේ සුන්දරයි

පෙම්වතිය පතිණියක වී
මීමැස්සි වාගේ කඩිසරයි
කෝලකම් නෑ මැදි වියේදී
පරිණතයි හරි සංවරයි

කඳුළු වල තෙතමනය උකහා
පිපි සිනා කැන් අතවනයි
ගෙවී තුන්කල් බලා ආ මඟ
මමද කියලත් සැකයි

ඉන්ඳ් ඛීලය සේම නොසැලී
පවුරු දොරකඩ ඇනතියා
සිංහධේනුව ගොදූරු බිම් මැද
වින්ද  දුක නිමවෙද කියා 

උල්පතට සාගරය හමුවන
විරාමය ජීවිතය නම් 
මමත් පවතින​ නැව​තුමේ රැඳි
දූලි බිඳුවක් පමණමයි 

මල්ලිකා එම් බණ්ඩාර

15. 07. 2020

No comments:

Post a Comment