සැලෙන මුතු පිනි අතුරනා
ළහිරු ළා රන් කිරණ ගලනා
අරුණු හිමිදිරියේ
විහඟ ගී තණු පබඳිනා
බමර මී මැසි මුමුණනා
සහස් මල් කැන් පිබිදෙනා
සුවඳ පවනැල්ලේ
ළදරු හස රැලි ඉහිරෙනා
මියුරු තෙපලින් අමතනා
සොඳුරු දවසක සුබාසිරි දෙන
අළුත් දවසක් එළඹුනා
සොබා දහමේ සිරි විඳින්නට
ඇවිද දුව පැන ගී ගයන්නට
දැයට පිපි මල් කැකුළු සුරැකෙන
ළමා ලොව යළි අපට දෙනුමැන
මල්ලිකා එම් බණ්ඩාර
20. 11. 2019
No comments:
Post a Comment