Monday, 31 July 2017

​​අසංතෘප්ත ගඟක්


සුවහසක් නෙක දනා නිවසන 
දනව් ඔස්සේ හුදකලාවී
මිඳී ආ මුත් ගිරි දුදුළු
වන හෙල් මැදින් තැනිතලා පසුකර​
ගඟක් වී මහ සයුර සනහන
නමුදු මේ මිහිතලය සරහා
අස්වසන්නට නොහැකිතරමට
ඉතිරිවී සිත් පතුළ කොනහන
නොසන්සිඳෙනා මනදොළක් ඇත.

"සුවහසක් අබිමන් දිනූ මුත්- 
දිනක මා මේ ලොවට බිහිකළ
පුංචි උල්පත සොයායන්නට
මගේ හද ඉකිබිඳීන නිරතුරු"  

ගසක් නම් එහි මුලක් වියයුතු
ගඟක් නම් උල්පතක් වියයුතු
උල්පතක් පමණක්ම විණිනම්
ගොහොරු මඩ වගුරක් හැදෙනු ඇත​​.
යළිත් ඇස නොගැසෙනා උල්පත
කෙලෙස කවදා සොයා යන්න?

ගඟක් සේ මා ගලාහැලුණේ
සත් වළල්ලක් දිය දරන්නයි
සප්ත සාගර ඉම දකින්නයි.
උපත කොතනද, 
කුමන මිහිමඬලකද,
කඳු සිරසකද නොදනිමි.
එහෙත් දෝවා ගම් නියම්ගම්
පසු කළෙමි නෙක​ දනව් පීරා
බෙදා දියවර සතපවන්නට
පිපාසිත​ සත් සියොත් මනු කැළ​.

අදත් උල්පත සොයා ආපසු
යන්ට ඇත්නම් කියා හිතුනත්
කොහේ කවදා නමුත් හමුවෙද
ඇගේ උල්පත සොයා
ආපහු ඇදෙන ගංගාවක්?


මල්ලිකා එම්. බණ්ඩාර​

19. 07. 2017

පහන නිවිලා


ළා හිරු කිරණ වැද මුදු මඳ සිනාවෙන​
කිරි කෙකිණිය වගේ එන​ මඟ බලාගෙන
මුතු පිණි දුහුල නිල් තණ මත එලාගෙන​
මිහිලිය හිඳී නුඹ එනතුරු උදෑසන

කළලේ පිපී ඉන් නික්මෙන​ නියාවෙන
කළලේ පහස බිඳකුදු නොතවරාගෙන​
ගී පද ගොතන බිඟුදැල් පිරිවරාගෙන​
පියුමක් වෙලා පිපුණා හැම උදේකම​

තුරුපත් අතර හිඳ බිඳලන නිසොල්මන​
කන්කළු මියැසි ගී පද වැල් ඉහිල්ලෙන​
පෙංකෙළිනා කුරුළු කූජන සැහැල්ලෙන​
නුඹ සෙල් රුවක්විණි කිසිදා නොසෙල්ලෙන ​

ලන්දේ පිපෙන වනමල් පෙති නෙලාගෙන
ඇන්දේ නුඹෙ රුවයි ඉඳුසැව් විලාසෙන​ 
සැන්දෑවතේ බැඳි දැහැනින් මුදාගෙන​                  
කැන්දන් ගියෙ කවුද නුඹෙ සිත හොරාගෙන​
තුන්පත් රටා ලා පන්නම් කළ හීනේ
පන්කොළ පැදුර​ හොරු අරගෙන මගෙ හේනේ
තිරකඩ නිවෙන්නට ඇති දැල්වුණ පානේ
​සන්තෝසෙන් හිඳින් නුඹ​ නවදැළි හේනේ

මල්ලිකා එම්. බණ්ඩාර

30. 07. 2017

Sunday, 23 July 2017

කිවිඳි


අඩවියෙන් පියමංව​
කඳු සිරසටත් උඩින්
අහස් ගැබ දෙබෑකර
අනන්තයට ඉගිලෙන්න​
පාරමී පූරණෙන්
බලා හිටි ගිරා පැටික්කී,
සේද වළා එලූ අහස​
යොදුන් ගණන් සදාහරිත​
නීල තණ තලා මත්තෙන්
බිමට වැඩි වගයි!

කැපු පියාපත් සුමටව​
හැරී තඹල පෑහුරුවට​
අරුමයක් වෙලා
ඈ කිවි කිරිල්ලක්වෙලා!

මිඳී දාස සිතුවිල්ලෙන්
ඇවිද වන පෙතේ තනිවම​
විඳිමි නිදහසේ එන නව සුවඳ කැළතිලා
මෑත් කර  පවුරු වැට කොටු 
ආත්මය මුදා හැරියෙන්
සොබාදම සිනාසෙන්නී
වැළඳ සෙනෙහසින්


මල්ලිකා එම්. බණ්ඩාර​


23.07.2017

Saturday, 22 July 2017

පාන්කිරිත්තී


පාන්කිරිත්තී පාන්දරින් නුඹ​
තනි පංගලමේ ඇවිදිල්ලා
අත්තක වහලා බලා ඉන්නවා​
පයින්ඩයක් මට ගෙනවිල්ලා

වාන්දමන හිත කාන්සියේ හිඳ​
හීන්සීරුවට නොතළල්ලා
තෝන්තුවාවෙන් ඉන්න වෙලාවට
දොඩමළු ඒ හිත නිවපල්ලා

ජෝඩු දමා එන පාන්කිරිත්තා
වෙලේ කොටනවද අද  ඇත්තා  
හිතාමතා මඟ ඇර ඇවිදින්දෝ
දිරච්ච​ අත්තේ උඹ ඉඳගත්තා

පැටවුන් දෙන්නට අඬහැර දීපන්
කඹේ නටන්නට අවසර   දීපන් 
උන්ගෙ අපුච්චාටත් අඬගාපන්
රබාන ඇරගෙන සුරල වයාපන්
හතර දෙනයි අපි ආවෙ කියාපන්
හතරදෙනා මට ලකුණක් දීපන්


මල්ලිකා එම්. බණ්ඩාර​

22. 07. 2017

Friday, 21 July 2017

අකුර



සුදු වැලිමළුව මත 
 "අ"යනු "ආ"යනු ලියා
සෙල්ලමට දුවපැන​
මකා දැමුවෙමු අපිම

පේළියෙන් පේළියට 
උඩ සිට පහළට​
වටමට-සුමට අකුරු 
මක මකා යළි ලියා නිවැරැදිව 
ලියන්නට උගත්තෙමු ගල්ලෑල්ලේ

පැන්සලය අතට හසුවිණි,
මකනයක් සමඟින්.
කොපිපොතේ ලියා හැඩ වැඩ දමා
සනිටුහන් කරගතිමු 
උගතමනා ශිල්පය​
.
කටු පෑන කියාදුන්නාය 
ඉහිරවා නොගෙන
තීන්තෙන් ලියන හැටි
මෙන්ම ඉවසීමෙ පාඩම​​
ඇඟිළිතුඩු හැසිරුනේ 
පියෙන් පියපිටු අතර​
නොමැකිය​ හැකි වැරැදි 
නොවෙන්නට​ ඉඟි කර​

ජීවිතය ගොඩ නැඟුනි අකුරෙන්,
කෝවේ දමාවත් මකාලිය නොහැකි ලෙස.
දැනුම​, ඉගෙනුම මෙන්ම
අවබෝධයෙන් යුතුව 
අරුත්බර​ ජීවිතය විඳින්නට​.
"මිනිසෙකු" නිමාවිණි අකුරකින්
අසිරිමත් පොළොව මත
​සොබාදම ​රකින්නට​!

මල්ලිකා එම්. බණ්ඩාර​

21.07.2017

Wednesday, 19 July 2017

ගඟ සිඳුනි!


පුංචි දිය කඩිත්තක් වෙලා දෙනිපෙත දිගේ
වළාකුළු සළුව හැද ඇදෙන බඩවැටි දිගේ
​මා දිහා බලාහිඳ​ ඇයිද නුඹ​ සැසලුනේ?
නොතේරුම් කමටමයි මගෙ හිතත් කැළඹුණේ

මොහොතකට විපිලිසර​ වූ නුඹම​
කළම්බා විනිවිදව දැකිය හැකි දිය දහර
මල් පියළිවියළි කොළ, පිදුරු රොඩු එකතුකර​  
අමුණ හැදුවා මගේ​ යොවුන්විය හරස්කර

මදින් මද වේල්ලක් ඉදිවුණා පවුරක්ව​
බිඳෙන් බිඳ​ නුඹ රැඳුනි මා අසල​ ඉවුරක්ව​ ​
ගලා යන්නට නොදී ගඟක්සේ මගෙ දිවිය​
පෙමක් කෙලවර වෙලා ගොහොරු මඩ කඳුරක්ව.

පළිඟු දිය සීරාව​ එකතැනම පල්වුණා
බිඳී පිවිතුරු පතුල​​ පෑදිදිය බොරවුණා
නොවිඳ කරදිය සුවඳ​ නොදැක ඉම රළ පතර​
මගෙ ගමන නිමාවිණි අතරමඟ සිරගතව

මල්ලිකා එම්. බණ්ඩාර​



28. 06 17

Tuesday, 18 July 2017

බමරෙකු ආවයි



සුළඟක් වගේ ඇවිදින් සෙමින්
සුවඳක් තියා විතක මුදු පහසකින්
බඹරින්ද මකරන්ද​ පිදු සෙනෙහසින්
විකසිත කරන් නිසල වත මදහසින්

පෙති ඉහිරිලා තුරුණු හිරු රැස් පොදින්
රොන් සුණු බිඳී  පවන මුසුවී සිහින්
හෙට දවස​ දැකගන්න​ දෙනෙතක් ලදින්  
සැඟවී නොයා පෙනෙන මානෙක හිඳින්



මල්ලිකා එම්. බණ්ඩාර​ 


12.07.2017


Saturday, 15 July 2017

රූප වාහිණිය -

රූප වාහිණිය -
යන මාතෘකාව යටතේ ශිෂ්‍යයෙකු ලියූ කවි රචනාවක්!

රූප වාහිණිය ඇවිදින් ගෙදර සාලයට
සාප වෑහිණිය  මේ යසට හිටි උදවියට
පුංචි අක්කත් ගිහින් නොහොබිනා පෙලවහක
ආච්චී බණිනවා අම්මාට එක දිගට

පස්ස බේරිලා කිටි කිටියෙ හිර​ ඩෙනිමකට​
ටී ෂර්ට් එක අඳින්නේ බුරියෙනුත් උඩට​
නාඩගමකට වගේ මූණ පුරහම පාට
උඹයි මේ වින්නැහිය කළේ කෙළි​ දැරියන්ට​​​

රෑ මැදියමෙත් ගෙදර අය පුංචි තිරයේය
නිදි කිරා වැටි වැටී පුංචි උන් සෙටියේය​
නාන කාමරේ, නිදි යහන එළිමහනේය​
මුළු ලොවම දිග ඇරෙන්නේ පවුල​ මැද්දේය​

රජසබෙත් ගිනි කෙළිය,​ පරුෂ බස් වහිනවා
නැති එවුන් ඇති උන්ට දිගාසිරි පතනවා
බුදු සසුන කෙලහන්න යතිවරුම හදනවා
වැටත් නියරත් දෙකම ගොයම් ටික බුදිනවා

නිමක් නැති දෙස් විදෙස් පෙම්කතා ඇවිල්ලා
පෙම්කරන හැටි කියාදෙයි ඉගෙන ගනිල්ලා
රූපවාහිණිය කොපි කරන්නට ගිහිල්ලා
දෝණියන් දෙන්නාම හොරෙන් පැනගිහිල්ලා

ශිෂ්‍යත්ව විභාගෙට​ ක්ලාස්  යන අතරේම​
මමත් පෙම් පත් දුනිමි කෙල්ලෙකුට රහසේම​
මොළේ ඇති උන්ගෙ පවුලේ එවුන් එසැනේම​
කියා දුන්නා හොඳින් හොඳ-නරක හැම දේම​​

අපේ අම්මත් ටීච​" එම්. ඒත්තියේලු
බලන ටෙලිකතා ටික​ හැබෑටම අගේලු
ලියවෙලා තියෙන්නෙත් ඉතිහාස පොතේලු
ටෙලිය වැරැදුනෝතින්  කෑවෙ නෑ වගේලු

රූපවාහිණිය ළඟ රැඳෙන විට අම්මලා
දූ පුතුන් දෙව් විමන් හදාගෙන තනිවෙලා
මිස් කෝල් ඇහිඳ​ ගෙන චැට් කරපු අක්කලා 
සෙට් වෙලා තියෙන්නේ මදාවියො එක්කලා

සයුරුතෙර ලිය මඬුළු උයන් වල ගැවසිලා
යොවුන් විය අතින් අත මාරු වී කෙලෙසිලා
ලොවෙක් හැදු අම්මාගෙ වැදූ දූ වැනසිලා
බැරිම තැන යන්ට ඇති ගං දියක පාවෙලා

ආච්චී පස් පඩංගුවේ යැද බණිනවා
තාත්තා රූප පෙට්ටියට තඩි බානවා
මහ පොළොවෙ පස් කකා අම්ම ඉකිබිඳිනවා
ඇහේ කඳුළක් නැතත් මගේ හිත අඬනවා

මල්ලිකා එම්. බණ්ඩාර​

15. 07. 2017

Thursday, 13 July 2017

හිතේ අමාරුවට​ කියන කවි



දසක ගණනාවක්ම නිදහසේ නාමයෙන්
වරින් වර​ එකිනෙකා අතින් අත මාරුවී
දියවුණේ, දිරා කඩමලු වුණේ
දැයක අරුණෝදයයි
කෙලෙසුනේ සහජාත නිදහසේ දියණියයි 

කුරිරු ගොර සපුන්වන් අලජ්ජී වැදි-රැහැට​
ඉඩහසර හදාදී නිහීනව සරන්නට
ලද ඇසිල්ලේ පටන් ගිළිනුණේ
දැයේ අභිමානයයි නිකරුණේ

ජාති ආගම කුලය දියලණුවෙ බැඳතියා
කිලුටු කඩමල්ල හැඳ​ වෙල්ලෑවෙ දම දමා
අඥාන ජනයාගෙ නාස්පුඩු විද ලවා
උ​න්ගෙ කර පිටින් ගොස්
කඩු කිණිසි මෙන්ම මහමේරුවත් ගිලදාපු
කවටයන් කෝලමුන්මහබබා වැනි එවුන්
සෑම අවුරුදු පහට වරක්වත්
පෙරහැරේ වඩම්මා
අනේ අපි වීදි සැරි සැරූ හැටි
මතක් වෙන කොටත්
හරි හතර් විලි ලැජ්ජාව​!

ඉතින්වත් දරුවනේ,
වියබරින් වෙර හිඳුන​
කුර ගෙවී වෙලෙවි වෙන​
මුදාපල්ලා මහළු ගොන් රෑන
හොයාපල්ලා රබ්බඩ පහේ
වියට හීලෑ වෙච්චි නෑඹුලන්
දැයේ පස් පියුම් විල බොර නොකර​
හොයේලා, කළල් දෝවනය කර​
අරන් යමු ගැල් සාත්තුවට බැඳ​

ගෙවා ලිය නොහෙන ණය කන්ද තරණය පිණිස​
විරාමෙක සිහි-නුවණ යොමා ප​වුරක් විලස​
වගා වෙන පිණිස දරු පරපුරේ හෙට දවස​
නිගාදෙන වහල් බැමි ලිහාගමු  ලද​ විගස​

මල්ලිකා එම්. බණ්‍ඩාර​



26.06. 2017

Wednesday, 12 July 2017

Be an Eagle!

Gave a little push
A little encouragement
A little hope
And wished, perhaps they will cross
the boundary of ignorance
They will cross the boundary of bondage
They will come out of their prison cells.

Sandawathie, Chandra, Chandanie and Chanu
Your names were changed
for the time and place
but your inner being?

Women like Prajapathi, Yasodaraa,
Kisa, or Subha.
And so many modern “Devis” have been born there.
So, what had happened to you and me?
Nothing will happened to us!
If we don’t crawled out of the shell
as you and me, 
your granddaughter
also will be a crab
for grab to an Eagle.
So, be an Eagle!
You would survive !


Mallika M. Bandara

11.07.2017

Tuesday, 11 July 2017

The Labour Pain



It is not easy to turn it
in to the words
An unbearable pain
just up to the brim
in the whole earth
the agony is almost irrupted 

In the depth of the heart
the flame of hope is shining
to warm up the great ascension
Earth is standing to receive the child
The iron gates of the prison cell
waiting to be opened.
The mountains and valleys
are going to be even.
The Holy Conception is
to be proclaimed for the humanity
the whole nature is listening
to hear the sound,
the sound of music
the sound of peace
the sound of joy.
For comfort the fallen humanity!



Mallika M. Bandara

11. 07. 2017

Monday, 10 July 2017

Silence

Silence, 
You are my soundless song
which I was waiting to hear
for a so long time,
it may be since my existence!

I love to communicate
and to translate 
your words into mine.
In the deeper silent night
and in the cold darkness
or on the shiny moonlight
that poured on the lonely earth
you 're waiting for me
and to breath on me 

When you're breathing to my ear
I feel your presence is near 
I knew it so tangible, 
and it is sweet
like a sweet-smelling aroma
poured in to my heart. 
It has been a fountain of joy
and the surge of immense peace

Silence, be by the side of me
and breath into my empty soul!  



 Mallika M. Bandara

10.07.2017-