සුදු වැලිමළුව
මත
"අ"යනු "ආ"යනු
ලියා
සෙල්ලමට දුවපැන
මකා දැමුවෙමු
අපිම
පේළියෙන්
පේළියට
උඩ සිට පහළට
උඩ සිට පහළට
වටමට-සුමට අකුරු
මක මකා යළි ලියා නිවැරැදිව
ලියන්නට
උගත්තෙමු ගල්ලෑල්ලේ
පැන්සලය අතට
හසුවිණි,
මකනයක් සමඟින්.
කොපිපොතේ ලියා
හැඩ වැඩ දමා
සනිටුහන්
කරගතිමු
උගතමනා ශිල්පය
.
කටු පෑන
කියාදුන්නාය
ඉහිරවා නොගෙන
තීන්තෙන් ලියන හැටි
තීන්තෙන් ලියන හැටි
මෙන්ම ඉවසීමෙ පාඩම
ඇඟිළිතුඩු
හැසිරුනේ
පියෙන් පියපිටු අතර,
නොමැකිය හැකි වැරැදි
නොවෙන්නට ඉඟි කර
නොමැකිය හැකි වැරැදි
නොවෙන්නට ඉඟි කර
ජීවිතය ගොඩ
නැඟුනි අකුරෙන්,
කෝවේ දමාවත්
මකාලිය නොහැකි ලෙස.
දැනුම,
ඉගෙනුම මෙන්ම
අවබෝධයෙන්
යුතුව
අරුත්බර ජීවිතය
විඳින්නට.
"මිනිසෙකු"
නිමාවිණි අකුරකින්
අසිරිමත්
පොළොව මත
සොබාදම රකින්නට!
සොබාදම රකින්නට!
මල්ලිකා එම්.
බණ්ඩාර
No comments:
Post a Comment