Saturday, 22 July 2017

පාන්කිරිත්තී


පාන්කිරිත්තී පාන්දරින් නුඹ​
තනි පංගලමේ ඇවිදිල්ලා
අත්තක වහලා බලා ඉන්නවා​
පයින්ඩයක් මට ගෙනවිල්ලා

වාන්දමන හිත කාන්සියේ හිඳ​
හීන්සීරුවට නොතළල්ලා
තෝන්තුවාවෙන් ඉන්න වෙලාවට
දොඩමළු ඒ හිත නිවපල්ලා

ජෝඩු දමා එන පාන්කිරිත්තා
වෙලේ කොටනවද අද  ඇත්තා  
හිතාමතා මඟ ඇර ඇවිදින්දෝ
දිරච්ච​ අත්තේ උඹ ඉඳගත්තා

පැටවුන් දෙන්නට අඬහැර දීපන්
කඹේ නටන්නට අවසර   දීපන් 
උන්ගෙ අපුච්චාටත් අඬගාපන්
රබාන ඇරගෙන සුරල වයාපන්
හතර දෙනයි අපි ආවෙ කියාපන්
හතරදෙනා මට ලකුණක් දීපන්


මල්ලිකා එම්. බණ්ඩාර​

22. 07. 2017

No comments:

Post a Comment