වසන්තය එන්නේය
ඇවිත් යළි
යන්නේය.
මල් පිපෙයි නිසොල්මන
මඟ දිගේ පිය මනින
සොඳුරු නව යව්වනේ
පිපෙන මල් පර නොවන
උද්‍යානයක් මැවූ වසන්තය
නුඹ එතැයි මඟ බලා හිඳිමි
මම
අතීතය පන්හිඳෙන් ලියූ පුස්කොළ පොතේ
පියාපත් හැඳි සලා
කුරුටු ගානා කවිය
ගිම්හාන උණුහුමෙන්
නව පැතුම් රටාවට
කැදැලි බඳිනා පිණිස
ඉගිල්ලී යන්නේය
නොඑන වග දනිමි එද
මඟ බලා හිඳින්නෙමි
පිණි පොකුරු වැටෙන අළුයම්
වෙලේ
මල්
මිටක් අතින් ගෙන
නුඹ යළිත් එනු ඇතැයි
වසන්තය,
මඟ බලා හිඳිමි මම.
මල්ලිකා එම්. බණ්ඩාර
04. 07. 2017
No comments:
Post a Comment