දසක ගණනාවක්ම නිදහසේ
නාමයෙන්
වරින් වර එකිනෙකා අතින් අත
මාරුවී
දියවුණේ, දිරා කඩමලු වුණේ
දැයක අරුණෝදයයි
කෙලෙසුනේ සහජාත
නිදහසේ දියණියයි
කුරිරු ගොර සපුන්වන්
අලජ්ජී වැදි-රැහැට
ඉඩහසර හදාදී නිහීනව
සරන්නට
ලද ඇසිල්ලේ පටන්
ගිළිනුණේ
දැයේ අභිමානයයි
නිකරුණේ
ජාති ආගම කුලය
දියලණුවෙ බැඳතියා
කිලුටු කඩමල්ල හැඳ
වෙල්ලෑවෙ දම දමා
අඥාන ජනයාගෙ
නාස්පුඩු විද ලවා
උන්ගෙ කර පිටින්
ගොස්
කඩු කිණිසි මෙන්ම
මහමේරුවත් ගිලදාපු
කවටයන් කෝලමුන්, මහබබා වැනි එවුන්
සෑම අවුරුදු පහට
වරක්වත්
පෙරහැරේ වඩම්මා
අනේ අපි වීදි සැරි
සැරූ හැටි
මතක් වෙන කොටත්
හරි හතර් විලි
ලැජ්ජාව!
ඉතින්වත් දරුවනේ,
කුර ගෙවී වෙලෙවි වෙන
මුදාපල්ලා මහළු ගොන්
රෑන
හොයාපල්ලා රබ්බඩ පහේ
වියට හීලෑ වෙච්චි
නෑඹුලන්
දැයේ පස් පියුම් විල
බොර නොකර
හොයේලා, කළල් දෝවනය කර
අරන් යමු ගැල්
සාත්තුවට බැඳ
ගෙවා ලිය නොහෙන ණය
කන්ද තරණය පිණිස
විරාමෙක සිහි-නුවණ යොමා පවුරක් විලස
වගා වෙන පිණිස දරු පරපුරේ හෙට දවස
නිගාදෙන වහල් බැමි ලිහාගමු ලද විගස
මල්ලිකා එම්. බණ්ඩාර
26.06. 2017
No comments:
Post a Comment