පුංචි දිය කඩිත්තක් වෙලා දෙනිපෙත දිගේ
වළාකුළු සළුව හැද ඇදෙන
බඩවැටි දිගේ
මා දිහා බලාහිඳ ඇයිද
නුඹ සැසලුනේ?
නොතේරුම් කමටමයි මගෙ හිතත් කැළඹුණේ
නොතේරුම් කමටමයි මගෙ හිතත් කැළඹුණේ
මොහොතකට විපිලිසර වූ
නුඹම
කළම්බා විනිවිදව දැකිය හැකි
දිය දහර
මල් පියළි, වියළි කොළ, පිදුරු රොඩු එකතුකර
අමුණ හැදුවා මගේ
යොවුන්විය හරස්කර
මදින් මද වේල්ලක්
ඉදිවුණා පවුරක්ව
බිඳෙන් බිඳ නුඹ රැඳුනි මා අසල ඉවුරක්ව
ගලා යන්නට නොදී ගඟක්සේ මගෙ දිවිය
පෙමක් කෙලවර වෙලා ගොහොරු මඩ කඳුරක්ව.
පළිඟු දිය සීරාව එකතැනම පල්වුණා
නොවිඳ කරදිය සුවඳ නොදැක ඉම රළ පතර
මගෙ ගමන නිමාවිණි අතරමඟ සිරගතව
මල්ලිකා එම්. බණ්ඩාර
28. 06 17
No comments:
Post a Comment