අඩවියෙන් පියමංව
කඳු සිරසටත් උඩින්
අහස් ගැබ දෙබෑකර
අනන්තයට ඉගිලෙන්න
පාරමී පූරණෙන්
බලා හිටි ගිරා පැටික්කී,
සේද වළා එලූ අහස
යොදුන් ගණන් සදාහරිත
නීල තණ තලා මත්තෙන්
බිමට වැඩි වගයි!
කැපු පියාපත් සුමටව
හැරී තඹල පෑහුරුවට
අරුමයක් වෙලා
ඈ කිවි කිරිල්ලක්වෙලා!
මිඳී දාස සිතුවිල්ලෙන්
ඇවිද වන පෙතේ තනිවම
විඳිමි නිදහසේ එන නව සුවඳ කැළතිලා
මෑත් කර පවුරු වැට කොටු
ආත්මය මුදා හැරියෙන්
සොබාදම සිනාසෙන්නී
වැළඳ සෙනෙහසින්
මල්ලිකා එම්. බණ්ඩාර
23.07.2017
No comments:
Post a Comment