තරු ලුහු බැන් දා
නෙතු ඉකිබින් දා
සඳ අල්ලන්නට
ඉණිමං බැන් දා
වෙල පෙති ගිළිහී පැළදිග අහසේ
ගොම්මන් කළුවර
එබීබලනවා
කලා මැදිරියෝ කණහුල්
දල්ලා
නිලා කූරු ගිනි කෙළි
සැණකෙළියේ
දුක්බර ගීයක තනුවක්
නැතිවද
රැහැයියනේ
මෙතරම් මොර දෙන්නේ
දෙණිපෙත ඉහිරෙන සීත
සුළං රැළි
මට පමණද මෙතරම් වධ
දෙන්නේ
තරු මල් පූදින
දුරු නිල් ගුවනේ
සරා සඳක් වී
යළි හිනහෙන්නේ
අමාවකක් වුව බලා
හිඳින්නම්
පමාවෙලා හෝ යළි
එනවානම්
මල්ලිකා එම්. බණ්ඩාර
08. 07. 2017
No comments:
Post a Comment