රූප වාහිණිය -
යන මාතෘකාව
යටතේ ශිෂ්‍යයෙකු
ලියූ
කවි
රචනාවක්!
රූප වාහිණිය
ඇවිදින් ගෙදර සාලයට
සාප වෑහිණිය මේ යසට හිටි උදවියට
පුංචි අක්කත්
ගිහින් නොහොබිනා පෙලවහක
ආච්චී බණිනවා
අම්මාට එක දිගට
පස්ස බේරිලා කිටි
කිටියෙ හිර ඩෙනිමකට
ටී ෂර්ට් එක
අඳින්නේ බුරියෙනුත් උඩට
නාඩගමකට වගේ
මූණ පුරහම පාට
උඹයි මේ
වින්නැහිය කළේ කෙළි දැරියන්ට
රෑ මැදියමෙත්
ගෙදර අය පුංචි තිරයේය
නිදි කිරා
වැටි වැටී පුංචි උන් සෙටියේය
නාන කාමරේ, නිදි යහන එළිමහනේය
මුළු ලොවම දිග
ඇරෙන්නේ
පවුල මැද්දේය
රජසබෙත් ගිනි
කෙළිය, පරුෂ බස් වහිනවා
නැති එවුන්
ඇති උන්ට දිගාසිරි පතනවා
බුදු සසුන
කෙලහන්න යතිවරුම හදනවා
වැටත් නියරත්
දෙකම ගොයම් ටික බුදිනවා
නිමක්
නැති දෙස් විදෙස් පෙම්කතා ඇවිල්ලා
පෙම්කරන හැටි
කියාදෙයි ඉගෙන ගනිල්ලා
රූපවාහිණිය
කොපි කරන්නට ගිහිල්ලා
දෝණියන්
දෙන්නාම හොරෙන් පැනගිහිල්ලා
ශිෂ්‍යත්ව
විභාගෙට ක්ලාස් යන අතරේම
මමත් පෙම් පත්
දුනිමි කෙල්ලෙකුට රහසේම
මොළේ ඇති උන්ගෙ
පවුලේ එවුන් එසැනේම
කියා දුන්නා
හොඳින් හොඳ-නරක හැම දේම
අපේ අම්මත් “ටීච" “එම්. ඒත්” තියේලු
බලන ටෙලිකතා
ටික හැබෑටම අගේලු
ලියවෙලා
තියෙන්නෙත් ඉතිහාස පොතේලු
ටෙලිය
වැරැදුනෝතින් කෑවෙ නෑ වගේලු
රූපවාහිණිය ළඟ
රැඳෙන විට අම්මලා
දූ පුතුන්
දෙව් විමන් හදාගෙන තනිවෙලා
මිස් කෝල් ඇහිඳ
ගෙන චැට් කරපු
අක්කලා
සෙට් වෙලා
තියෙන්නේ මදාවියො එක්කලා
සයුරුතෙර ලිය
මඬුළු උයන් වල ගැවසිලා
යොවුන් විය
අතින් අත මාරු වී කෙලෙසිලා
ලොවෙක් හැදු
අම්මාගෙ වැදූ දූ වැනසිලා
බැරිම තැන
යන්ට ඇති ගං දියක පාවෙලා
ආච්චී පස්
පඩංගුවේ යැද බණිනවා
තාත්තා රූප
පෙට්ටියට තඩි බානවා
මහ පොළොවෙ පස්
කකා අම්ම ඉකිබිඳිනවා
ඇහේ කඳුළක්
නැතත් මගේ හිත අඬනවා
මල්ලිකා එම්.
බණ්ඩාර
15. 07. 2017
No comments:
Post a Comment