කවියක අරුමය
අපේ ගමේ මුල්ම විශ්ව විද්‍යාල උපාධිධරයාද, පශ්චාත් උපාධිධරයාද
වූ, අපේ ඉස්කෝලේ
විදුහල්පතිවරයා ගණිත විෂයෙහි අසාමාන්‍ය ගණයේ ප්‍රවීණයෙක්. පසු කාලයේ විශිෂ්ඨ ගණයේ අධ්‍යාපන
අධ්‍යක්‍ෂක වරයෙක්. ඔහු කවියෙකි. දහනව වන වියේදී "අනුලා"නමින් කවිපොතක් මුද්‍රණය
කර ප්‍රසිද්ධ කළේය. ඔහු නාට්‍ය රචකයෙකි. ඔහු ගේ නාට්‍ය පිටපත් පාසල් වේදිකාවේ රඟ
දැක්විණි. පාසලේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ඔහු විදුහල්පති ධුරය දැරෑ හත් අවුරුදු කාල පරිච්ඡේදයයි.
නවවන, දහය සහ එකොළහ ශ්‍රේණි වලදී මගේ ගණිත ගුරුවරයාද ඔහු විය. ඒ
වගේම ගණිතයට දුර්වල සිසුන්ට දඬූවම් කීරීමේද රුසියෙකි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපන මනෝවිද්‍යාව
හදාරන්නට ඇතිමුත්, ගැහැණු පිරිමි
භේදයකින් තොරව, ගණන් වැරැද්දූ විට වැරැදුන ගණනට එක් වේවැල් පාර බැගින් සිසුන් ගේ අත්ලට වේවැලෙන් පහර දීම
ඔහුගේ ක්‍රමවේදය විය.
නවවන වසරේ පළමුවන වාරයේදී ගණිත විෂය කාලච්ඡේදයේදී විදුහල්පතිවරයා අපේ පන්තිකාමරයට
ආවේය. ඔහු පන්තියට ඇතුළුවන විට අනෙක් විෂය භාර ගුරුවරයෙකුට වඩා උනන්දුවෙන් සහ ගෞරව සම්ප්‍රයුක්තව, අපි
ඉද්ද ගැසුවාක් මෙන් නැඟිට “ආයුබෝවන්!” කියා ආචාර කළෙමු. ඒ එකම හඬිනි. හැම
කෙනෙක්ම ශබ්ද නොනැඟෙන පරිදි නැවත පුටුවේ වාඩිවුණේ සීරුවෙනි.
ගණිත ගුරුවරයා වේවැල මේසය මත තබා, “මේ මගේ ගණිත උපදේශකවරයා"යි කියා මුළු පන්තිය පුරාම බැල්මක් හෙලුවේය. පන්තියේ සිටි හතළිහක් තරම්වූ අපි හැමදෙනාගේම හිත් කිලිපොලා සලිතවී හිරිවැටෙන්නට ඇත.
ඉන්පසු ඔහු විශාල කළු ලෑල්ලේ ලොකු අකුරින් කවියක්
ලීවේය.
“පළමුව වරහනය
දෙවනුව හල්නයනු
බෙදුමයි වැඩිකිරීමයි තෙවනුව කරනු
එකතුව අඩුකෙරුම අන්තිමටම කරනු
මේවයි සුළු කිරීමෙදි දතයුතු කරුනු”
ඒ ගණිත සූත්‍රයක් කවියෙන් තහවුරු කිරීමෙකි. මුළු පන්තියම ලවා එක්ව කවිය තුන් වරක් කියවනු ලැබිණි.ඉන් පසුව එකිනෙකා ලවා කවිය එක්වරක් කියවන ලදී. එක්වරක් කියවූ පමණින් ඒ
කවිය කටපාඩම් විය.
නවවන පන්තියට නියමිත ගණිත විෂය ඉගෙන ගැනීමේ
මූලික පියවර තැබුවේ එලෙසිනි. එකල නවය, දහය සහ එකොළහ පන්ති වලට නියමිතව තිබු
අත්පොත් මාලාවේ එක් පොතක් වූයේ ජේ ඊ ජයසූරිය ශූරීන් (Prof. J E Jayasuriya) ගේ ගණිත නවෝදයයි. ගුරුවරයා අනුගමනය කළ සාධනීය ප්‍රවේශය, අපේ ගණිත විෂයෙහි පරිණත භාවයට මහඟු පිටුවහලක් විය. අ පො ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් මටද ලැබිණි.
මේ ගණිත විශේෂඥයා වැඩිමනත් ගණිත සූත්‍ර වලට භාවිතා කළේ ගමේ එදිනෙදා පරිසරය සහ
ගැමි ජීවිතයේ දෛනික ජීවන ක්‍රමය හා සම්බන්ධ ක්‍රියාකරකම් ය. ගමේ වෙල් යාය, පොල් කැඩීම, පුවක් ගහට නැඟ බැසීම, වේගය මැනීම, අනුපාත ආදී මෙකී නොකී ගණිත සූත්‍ර යොදා ගැටළු විසඳුවේ ගමේ එදිනෙදා ජන ජීවිතය අනුසාරයෙනි.
සැන්ඩෝ මාමා ගේ ගොන්කරත්තයේ සහ තැපල් පියන් ගේ බයිසිකලයේ වේගය පදනම් කර ගෙන වේගය මණින ක්‍රම අවට පරිසරයෙන් ආදේශ කර ගණිත ගැටළු නිර්මාණය කළේය.
සැන්ඩෝ මාමා ගේ ගොන්කරත්තයේ සහ තැපල් පියන් ගේ බයිසිකලයේ වේගය පදනම් කර ගෙන වේගය මණින ක්‍රම අවට පරිසරයෙන් ආදේශ කර ගණිත ගැටළු නිර්මාණය කළේය.
ගමේ ලියද්දක ගැමි ගැහැණුන් ගොයම් නෙළන වේගය, දින හෝ පැය ගණන් වලින්
සෙවීම, ඔවුන්ට වැටුප් ගෙවීම අනුපාතිකව ගණනය කිරීමට එදිනෙදා සිදුවීම් වලට
සම්බන්ධ කොට ඔහු අපේ ගණිත ගැටළු විසඳීමේ හැකියාව වර්ධනය කළ අතරම ඊට හාස්‍ය වැනි
භාවප්‍රකාශන හැකියාවද එකතු කළේය.
එකල ගමේ පොල්වතුවල "පොල් මුරේ" කඩන ප්‍රසිද්ධ
මිනිසුන් දෙදෙනෙක් හිටියා. ඉන් එක් අයෙක් පොල් කැඩුවේ දිග උණ ගස් දෙකක් එක්කොට බැඳ
ගත් පොල්කෙක්කකිනි. අනික් මිනිසා දෙපයට දමාගත් වළල්ලක ආධාරයෙන් ගස් බඩගෑමෙනි. පළමු මිනිසා දිනකට පොල් අක්කර කීපයක පොල් කැඩූ අතර දෙවැන්නා ගෙවතු වල පොල් කඩන ලදී. මේ රැකියා
ඇසුරෙන්, ගසට නැඟීමේ
වේගය, කැඩූ පොල් ගෙඩි
ගණන, ඔහුට ලැබුණ
කුලිය, ආදායම - වියදම ආදී දේ ගණිත
ගැටළු ස්වරූපයෙන් අප ලවා විසඳවන ලදී.පොතේ ඇති ගැටලු වලට වඩා හොඳින් පරිසරය ආශ්‍රයෙන්
විසඳිය යුතු ගැටලු තේරුම් ගැනීමට සිසුන්ට පහසු විය.
වරක් අපට විසඳීමට දුන් ගැටලුව මෙවැන්නකි.
වරක් අපට විසඳීමට දුන් ගැටලුව මෙවැන්නකි.
“අක්කරයක 1/2 ගොයම් පැල සිටුවීමට
ගැහැණුන් හතර දෙනෙකුට පැය
අටක් ගතවේ. අක්කරයක විශාලත්වයෙන් යුතු මහ ලියද්දේ ගොයම් සිටුවීමට ගැහැණුන්
අටදෙනෙකු උදේ හතට වැඩ පටන් ගෙන සවස
තුනට අවසන් කරන ලදී. මහ නියර ළඟ සයිමන් මාමාට අයත් අක්කරයක වපසරිය ඇති ලියැදි දෙකේ, රොසලිනා නැන්දා ඇතුළු ගැහැණුන් අට දෙනෙකු ඉහත වේලාවටම වැඩ
පටන් ගත හොත් ලියැදි දෙකේ වැඩ නිමකරන්නට ඔවුන්ට කොපමණ කාලයක් ගත වේද?
ගණනට කාලය නියම විය. අප විනාඩි පහකින් ගණන හදා පොත වසා තැබිය
යුතුවිය. අපි බොහෝ දෙනෙක් ඉක්මණින් ගැටළුව විසඳා ඩෙස්ක් එක මත පොත් මුණින් අතට හරවා තැබුවෙමු.
විදුහල්පතිතුමා අපේ ගණන් පොත් පරීක්‍ෂා කරබලා, “ඔක්කොම වැරැදියි ජයන්ත විතරයි හරි” කීවේය.
අපි සියළු දෙනා විමතියෙන් බලා සිටියෙමු.
ජයන්ත නිවැරැදි පිළිතුර ලියා ඊට ඉදිරියෙන්
"අවිනිශ්චිතයි" යනුවෙන් ලියා තිබිණි.
ඇයි ජයන්ත " අවිනිශ්චිතයි කියල ලිව්වෙ? විදුහල්පතිතුමා ඊට හේතුව විමසුවේය.
"සර් රොසලිනා
නැන්දා වැඩකට ගියොත් ඕපාදූප කතා කරනව මිස වැඩ කරනවා අඩුයිනෙ. ඒ නිසා පැයෙන් කරන්ට පුළුවන්දේට පැය දෙකක් ගත වෙන්ටත් පුළුවන්නෙ” කීවේය.
ගමේ හැමෝම රොසලිනා නැන්දා යයි ඇමතූ ගැහැණිය කට-කමසෙය්‍යාවක් නැතුව නන්
දොඩවන ඕපාදූප මල්ලක් බව දන්නා ළමුන් සියලුදෙනාම මහ හඬින් සිනාවු මුත් සාමාන්‍යයෙන් ළමුන් සමඟ සිනා නොවෙන විදුහල්පතිතුමා
තදින් මුව වසාගෙන, පොතත් අරන් වේගයෙන් ගුරු විවේකාගාරයට ගියේය. ඔහු ගුරුවරුන් අතරට ගොස් පොත පෙන්වා ශිෂ්‍යයාගේ ප්‍රායෝගික ආදේශනය පිළිබඳව හිනාවූ බව පසුව දැනගන්නට
ලැබිණි.
එම අවුරුද්දේම, අපේ ඉස්කෝලෙට දේශපාලන පළිගැනීමක් ලෙස මාරු වීමක් ලැබූ ගුරුවරයෙක්
පැමිණියේය. ආදි රෝයල් ශිෂ්‍යයෙක්වූ ඔහු අපේ පන්තිභාර
ගුරුවරයා බවට පත්වූ අතර මුළු කාලච්ඡේදයම ගතකළේ හිටපු අගමැතිනි සිරිමා බණ් ඩාරනායක
විවේචනය කිරීමටයි.
ඉංග්‍රීසි ගුරුවරයා විසින් "O my darling...Clementine" ප්‍රසාංගිකව ගායනා කළේය. අපිත් ඔහු අනුකරණය කළෙමු. බොහෝවිට වචනාර්ථය ප්‍රකාශ වන අයුරින් අපි එකිනෙකා දෙස බලාගෙන ගැයුවෙමු. පන්තිය සිනා සාගරයක් විය. යාබද පන්ති වල ළමුන් ගේ අවධානය රඳවා තබා ගැනීමට ඒ පන්තිවල වැඩ කළ ගුරුවරුන්ට බොහෝ අපහසු විය. ගුරුවරු විදුහල්පතිතුමාට පැමිණිලි කරන්නට ඇත. නමුත් විදුහල්පතිතුමා ඉංග්‍රීසි ගුරුවරයාගෙන් කරුණු විමසුවේ නැත.
ඉංග්‍රීසි ගුරුවරයා විසින් "O my darling...Clementine" ප්‍රසාංගිකව ගායනා කළේය. අපිත් ඔහු අනුකරණය කළෙමු. බොහෝවිට වචනාර්ථය ප්‍රකාශ වන අයුරින් අපි එකිනෙකා දෙස බලාගෙන ගැයුවෙමු. පන්තිය සිනා සාගරයක් විය. යාබද පන්ති වල ළමුන් ගේ අවධානය රඳවා තබා ගැනීමට ඒ පන්තිවල වැඩ කළ ගුරුවරුන්ට බොහෝ අපහසු විය. ගුරුවරු විදුහල්පතිතුමාට පැමිණිලි කරන්නට ඇත. නමුත් විදුහල්පතිතුමා ඉංග්‍රීසි ගුරුවරයාගෙන් කරුණු විමසුවේ නැත.
ඒ දිනවල ඉස්කෝලේ යාම තරම් ප්‍රියජනක දෙයක් අපට නොතිබිණි. යොවුන් වියේ දොරකඩ අභියසට අවතීර්ණ වෙමින් සිටි අප ජීවිතය දෙස බැලුවේ අනන්තවූ චමත්කාරයකිනි. ඉතා සුළු දේ පවා අසීමිතව වින්දනය කළෙමු. ඒ නිසා දිනපතා උදෑසනින් ඉස්කෝලේ යාම පුරුද්දක් විය. අව්ව වැස්ස නොතකා ඇති පදම් සෙල්ලම් කරන්නට ලැබීම මහත් ආශ්වාදයක් විය. කොටින්මඉස්කෝලේ යාම විනෝදයක් විය. හවසට මීහරක් මෙන් මඬ
නාගෙන ගෙදර ඇවිත් බැණුම් ඇසුවෙමු. ඒත් අත්‍යන්ත සතුටකිනි.
එක් උදෑසනක සුපුරුදු පරිදි අපේ නඩය ඉස්කෝලෙට ඇතුළු වන විටත් වෙනදා මෙන්ම ඉහල පන්ති වල ශිෂ්‍යයින් පන්ති වලට පැමිණ සිටියේ නැත. නෑදෑ පවුල් හතරකට අයත් දැරියන් වූ, සම වයස් කාණ්ඩ වල අක්කලා හතර දෙනෙක් සහ නංගිලා හතර දෙනෙක් මේ නඩයට අයත් විය.සාමාන්‍යයෙන් කලින්ම එන්නේ අපේ කණ්ඩායමයි. ප්‍රධාන ශාලාවේ විශාල කළුලෑල්ලෙහි කවියක් ලියා තිබෙණු අපි දැක්කෙමු. කවිය දුටු සැනින් ඉංග්‍රීසි ගුරුවරයාගේ නම සඳහන්වී තිබෙනු දැක සිහින් තිගැස්මක් ද සමඟ කවිය අපේ මතකයේ රැඳිනි. එහෙත් බැරිවෙලාවත් අමතක වුණොත්! මම එය අභ්‍යාස පොතක කෙලවරේ ලියා ගතිමි.
එක් උදෑසනක සුපුරුදු පරිදි අපේ නඩය ඉස්කෝලෙට ඇතුළු වන විටත් වෙනදා මෙන්ම ඉහල පන්ති වල ශිෂ්‍යයින් පන්ති වලට පැමිණ සිටියේ නැත. නෑදෑ පවුල් හතරකට අයත් දැරියන් වූ, සම වයස් කාණ්ඩ වල අක්කලා හතර දෙනෙක් සහ නංගිලා හතර දෙනෙක් මේ නඩයට අයත් විය.සාමාන්‍යයෙන් කලින්ම එන්නේ අපේ කණ්ඩායමයි. ප්‍රධාන ශාලාවේ විශාල කළුලෑල්ලෙහි කවියක් ලියා තිබෙණු අපි දැක්කෙමු. කවිය දුටු සැනින් ඉංග්‍රීසි ගුරුවරයාගේ නම සඳහන්වී තිබෙනු දැක සිහින් තිගැස්මක් ද සමඟ කවිය අපේ මතකයේ රැඳිනි. එහෙත් බැරිවෙලාවත් අමතක වුණොත්! මම එය අභ්‍යාස පොතක කෙලවරේ ලියා ගතිමි.
“සේරම් පඬි සඳා
පන්තියට විත් සැමදා
ඉංග්‍රිසි පසෙක දා
දෙසයි දෙස්පාලනය නොමදා”
කළුලෑල්ලෙහි වූ කවිය මකන්නට කිසිවෙකු ඉදිරිපත්වූයේ නැත. උදෙන්ම ඉස්කෝලෙට පැමිණි ළමුන්ට කවිය කටපාඩම්විය. ඇතැම් ගුරුවරුද කවිය කියවා නිහඬ වූහ. පැය
භාගයක් ඇතුළත ශිෂ්‍යනායකයෙකු ලවා කව මකා දමනු ලැබිණ. කිසියම් ශිෂ්‍යයෙකු විසින්
කවිය ලියන්නට ඇතයි අනුමාන සහ කටකතා පැතිරුණත් ඒතරම් ව්‍යක්ත සහ නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කරන්නටසිසුවෙකු එඩිතර වේදැයි කාටත් සැක පහලවිණි. සැබවින්ම එවැන්නෙකු සොයාගන්නට ලැබුණේම නැත. මේ නිර්නාමික
කවිය පහලවීමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරයාගේ දේශපාලන විවේචන වල සැර බාල වෙන්නට වූ අතර
පසු කාලයේදී ඔහු මාරුවීමක් හදාගෙන නැවත කොළඹ ගියේය.
මල්ලිකා එම් බණ්ඩාර
10. 04. 2018
No comments:
Post a Comment